Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

කොදෙව්-ශ්‍රි ලංකා කාන්තා තරගාවලියෙදී වසර 21ක් පැරණි වාර්තාවක් අලුත් කරයි

වසර 21ක් පැරණි වාර්තාවත් අලුත් කරමින් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පූර්ණ එක්දින තරගාවලි ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ සමත් වූහ.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එක්දින තරගාවලියේ අවසන් තරගය ලකුණු 161කින් ජය ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය ජය ගත්තේ 3-0ක් ලෙසිනි. ඊයේ තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු පරතරය අනුව ලැබූ ඉහළම ජයග්‍රහණය ලෙස ද සටහන් විය. මින් පෙර 2002 වසරේ මහනුවරදී පාකිස්තාන කාන්තා පිලට එරෙහිව වාර්තා කළ ලකුණු 155ක ජය කාන්තා පිලේ ඉහළම ජයග්‍රහණය ලෙස සටහන්ව තිබිණි.

මෙය ශ්‍රී ලංකා පිල කොදෙව් කාන්තා පිලට එරෙහිව වාර්තා කළ දෙවැනි පූර්ණ එක්දින තරගාවලි ජය වන අතර, මින් පෙර 2003 වසරේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා පිල තරග 6කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 6-0ක් ලෙස ජය ගැනීමට සමත්ව තිබේ. 2008 වසරේ ශ්‍රී ලංකා පිල කොදෙව් කණ්ඩායම පරාජය කළද ඒ 3-2ක් ලෙසිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
7
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button