Cricket NewsEXCLUSIVEInternational

දික්වැල්ල සංචිතයට ාඅවේ නායකයාගේ පුහුණුකරුගේ දැඩි ඉල්ලීම මතයි – තේරිම් කමිටු සභාපති උපුල් තරංග කියයි

විස්සයි 20 තරගාවලියට කැඳවූ නිරෝෂන් දික්වැල්ල කලකට පසු සංචිතයට එක් වුයේ නායකයාගේ හා පුහුණුකරුගේ දැඩි ඉල්ලීම මත බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා පැවැසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපතිවරයා මේ බව පැවැසීය.

දික්වැල්ල සම්බන්ධයෙන් නායකයාගේ හා පුහුණුකරුගේ දැඩි ඉල්ලීම තේරීම් කමිටුව ඒකමතිකව අනුමත කළ බව උපුල් තරංග මහතා සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුවට තේරීම් කමිටු සාමාජිකයින් වන දිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස් හා ඉන්දික ද සේරම් යන මහත්වරු එක්ව සිටි අතර, තරංග පරණවිතාන මහතා මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමඟ බංග්ලාදේශයේ කටයුතු කරමින් සිටී.

ක්‍රීඩකයෙකුගේ දක්ෂතා වගේම විනය වැදගත් බව අප පිළිගන්නවා. මේ පිළිබඳව අප ඔහු සමඟ කතා කළා. ඔහුට සියලු දේ පැහැදිලි කළා. අපි බලමු ඔහු කණ්ඩායමට එක්වීමෙන් ලැබෙන ප්‍රතිළුලය කුමක්ද කියලා. ඉදිරි ලෝක කුසලානයට කණ්ඩායම සූදානම් කිරීමේදී ක්‍රීඩකයින්ගේ අත්දැකීම් වැදගත්. දික්වැල්ල වෙනුවට ෂෙවෝන් ඩැනියෙල් හා ලසිත් කෘස්පුල්ලේ යන තරුණ ක්‍රීඩකයින් දෙදෙනා පිළිබඳ අප සාකච්ඡා කළා. නමුත් ඔවුන්ගේ දක්ෂතා පසුගිය දිනවල පහත වැටී තිබුණේ. ඒ දෙදෙනාම දක්ෂ ක්‍රීඩකයින් නිසා සෙමින් ලකුණු අතරට පැමිණීමට ඉඩදීම අපේ බලාපොරොත්තුව වුණා“ උපුල් තරංග මහතා පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button