Cricket NewsEXCLUSIVE

ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව තරඟවදින සිව්වරක් ලෝකශූරයින් වූ කොදෙව් කණ්ඩායම !

ජගත් එක්දින ලෝක කුසලාන දෙකක් විස්සයි විස්ස ලෝක කුසලාන දෙකකට හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සඳහා එක්වීමට නියමිතයි.

ක්‍රිකට් ලොව දැවැන්ත ක්‍රිකට් පුරාවෘත්තයන් ගණනාවක නියෝජනයක් වූ කොදෙව් කණ්ඩායම මේ දිනවල ගෙවා දමන්නේ අභියෝගාත්මක කාල සීමාවක්.

මේ දිනවල ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම සමඟින් එක්දින තරඟාවලියකට එක්ව සිටී.දෙරට අතර පැවැති පළමු එක්දින තරඟයට පෙර කොදෙව් ක්‍රීඩකයින්ගේ ඡායාරූප මාධ්‍යවෙත නිකුත් වද්දී එය විශාල කසුකුසුවක් නිර්මාණය කර තිබුණි.

කෙසේ නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ සිව්වරක් ලෝක ශූරයින් වූ කොදෙව් කණ්ඩායමට මේ වන විටත් ප්‍රධාන නිල අනුග්‍රාහකයෙකු නොසිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
4
+1
17

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button