Cricket NewsEXCLUSIVE

ධරම්ශාලා හිදී ලෝක ක්‍රිකට් ඉතිහාසය නෙදර්ලන්තය අලුතින් ලියයි ! ප්‍රභල දකුණු අප්‍රිකාවට අමතක නොවන පරාජයක් අත්කර දෙන්නට පෙරලිකාර නෙදර්ලන්තය සමත් වෙයි !

මෙවර ලෝක කුසලානයේ 15 වැනි තරඟය අද ධරම්ශාලා හිදී නිමාව දුටු අතර එහිදී අපරාජිත දකුණු අප්‍රිකාව පරදා නෙදර්ලන්තයට ලකුණු ක පෙරලිකාර ජයක් අත්විය.

තරඟයට පෙර ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරඟය පන්දුවාර් 43 ක තරඟයකට සීමා විය. තරඟයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානුවන්ගේ ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහර දුන් නෙදර්ලන්තය නියමිත පන්දුවාර 43 අවසානයේදී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 245 ක් .

නායක ස්කොට් එඩ්වර්ඩ්ස් නොදැවී ලකුණු 78 ක් රැස් කරේ විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් .

ජයග්‍රහණය සඳහා ලකුණු 246 ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 207 ක් පමණයි.

ඒ අනුව තරඟය ලකුණු 38 කින් ජයගත්තේ නෙදර්ලන්තයයි.

පන්දු යැවීමේදී ලොගන් වැන් බීක් කඩුලු 3 ක් බිඳ හෙලද්දී පෝල් වැන් මීක්‍රන්,වැන් ඩර් මර්ව් හා ඩ් ලීඩ අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

තරඟයේ වීරයා ස්කොට් එඩ්වර්ඩ්ස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
7
+1
7
+1
13
+1
5
+1
1
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button