Cricket NewsEXCLUSIVEInternational

නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවට ගහද්දි, ධනංජය සිල්වා Mr Bro සමඟ PUBG කෙලියේ..

ඊයේ ලෝක කුසලාන ඉතිහාසයේ සුවිශේෂී දවසක් : නෙදර්ලන්තය එක්ක දකුණු අප්‍රිකාව ICC EVENT එකක හම්බෙද්දි ඒක Upset එකකින් ඉවර වෙන එක අන්තිම කාලේ හරිම සුලභ දසුනක්.

ඔය දේවල් පැත්තකින් තිබ්බොත් නෙදර්ලන්තය ලෝක කුසලානයට එද්දි අද ක්‍රීඩා කරපු සංයුතියේ වැඩිම තරඟ ගණනක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයා වෙන්නේ Scott Edwards.තරඟ 40 යි.

අද Edwards බැට් කරන්න එද්දි 82/5 යි.ටික වෙලාවකින් 140/7 යි.ඕවර්ස් 43 ක මැච් එකේ පළවෙනි ඉනිම ක්‍රීඩා කරපු නෙදර්ලන්තයේ අන්තිම ලකුණු පුවරුව කියවෙන්නේ 245/8 ක් විදියට.

ඉනිමේ අගබාගයේදී පසුපෙල පිතිකරුවන්ගේ දායකත්වයත් එක්ක දකුණු අප්‍රිකාවට අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කරපු නෙදර්ලන්ත ඉනිමේ ඉහළම දායකත්වය ලැයැවුනේ Edwards ගෙ නමට නොදැවුණු ලකුණු 78 ක්.

නෙදර්ලන්තය ලෝක කුසලානයට එනකොට ජාත්‍යන්තර එක්දින අත්දැකීම් මේ කණ්ඩායමට තිබුණේ හරිම අඩුවෙන්.Top 6 teams එක්ක ඇඟිලි ගානටත් අඩුවෙන්.හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නොම්බර 6/7 ගහන පිතිකරුවෙක් තමන්ගෙ වෘත්තීමය ක්‍රිකට් දිවිය අස්සේ කිසිම දවසක ගහපු නැති ඉනිමක් තමයි Inexperienced side එකක් lead කරන ගමන් තරඟාවලියේ ඉන්න හොඳම වේගපන්දු බලඇණියකට එරෙහිව ඊයේ ඔහු වාර්ථා කරන්නේ.

Edwars ලා වගේ Associate Nation කාරයෝ ගහන මේ වගේ ඉනිම්,එක පැත්තක පෙරහැරක් යද්දි ඒ පෙරහැර නවත්තන්නෙ ටේල් එන්ඩර්ස්ලා එකතු කරන්.ප්‍රෙශර් එක අනිත් පැත්තට දාන්නෙ හරිම සුහුරු විදියට.

ඒ අස්සෙ ලංකාව පිට පිට මැච් 3ක් පැරදිලා, ෆෑන්ස්ලා දුකෙන් කණගාටුවෙන් ඉද්දි රට නියෝජනය කරන ධනංජය සිල්වා Mr Bro එක්ක PUBG පාරක් ගහල ආතල් එකෙ ඉන්නව. සහයට ටෙස්ට් ටීම් එකෙ කැප්ටන් ලයිව් එක බලාගෙන ඉන්නවා. ධනංජය සිල්වගෙ අන්තිම ඉනිම 10 අරන් බැලුවොත් ඉන්දියාවෙ රංජි කුසලානයට සෙල්ලන් කරන ක්‍රීඩකයෙක් ලගින් තියන්නවත් බෑ.

PUBG පාරක් ගහලා හිනාවෙලා ඉන්නවට වඩා තමන් හය හත ගහන්නේ කියලා බැටිං පොසිශන් එකේ වැරැද්ද කියලා ඒ නිසා තමන් ෆේල් නෑ කියලා උදම් අනන අයට නම් Edwars ගෙ මේ ඉනිම පුරවලා ගහපු කණේ පාරක්.

#nedvsSA

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
10
+1
6
+1
88
+1
9
+1
21
+1
112

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button