Cricket NewsEXCLUSIVEInternational

මේක මගේ අවසන් ‍එක්දින ලෝක කුසලාන තරගාවලිය, මම පන්දු යවන්න සූදානම් – ශ්‍රි ලංකා ජේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලො මැතිව්ස්

“මේක මගේ සිවුවැනි ව‍ගේම අවසන් ‍එක්දින ලෝක කුසලාන තරගාවලිය. ලැබුණ අවස්ථාව ගැන මම හුඟක් සතුටු වෙනවා. මගේ උපරිමය ලබා දීලා කණ්ඩායම අවසන් පූර්ව වටයට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආබාධයක් නිසා සංචිතයෙන් ඉවත් වුණ මතීෂට මම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඉදිරි වසර 10 තුළදී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරයි කියලා මම හිතනවා.” යැයි තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස් පැවසිය.

Former Sri Lanka Skipper Angelo Mathews May Retire Soon from International Cricket - News18

“මම කණ්ඩායමට එක් වෙන්නෙ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හැටියට. ඒ නිසා නායකයා මට පන්දු යවන්න අවස්ථාව ලබා දුන්නොත් ඒකට මම ලැහැස්ති වෙලයි ඉන්නෙ. කණ්ඩාය‍මේ අවශ්‍යතාව අනුව මම පන්දුවට පහරදෙන තැන වෙනස් වෙන්න පුළුවන්. කොයි ස්ථානයෙ පන්දුවට පහරදුන්නත් කණ්ඩායම වෙනුවෙන් මගේ උපරිමට දෙන්න මම බලාපොරොත්තු වෙනවා.” යැයිද එහිද මැතිව්ස් වැඩි දුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
6
+1
10
+1
2
+1
1
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button