Cricket NewsEXCLUSIVE

“බාබර් අසාම් පිට පිට හයේ පහරවල් තුනක් එල්ල ක්ලහොත් මම මගේ යූ ටියුබ් නාලිකාව වහලා දානවා ” හිටපු පකිස්ථානු ක්‍රීඩක Basit Ali කියන කතාව !

හිටපු පකිස්ථානු ක්‍රීඩකයෙකු වන Basit Ali වත්මන් පකිස්ථානු නායක බාබර් අසාම් පිලිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඔහු මෙසේ එම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබෙන්නේ ඔහුගේ YOUTUBE නාලිකාව ඔස්සේ අදහස් දක්වමින්…

එහි අදහස් දක්වමින් Basit කියා සිටියේ

“බාබාර් අසාම් ප්‍රමුඛ කණ්ඩායම්වලට එරෙහිව සෘජු හයේ පහර තුනක් එල්ල කළහොත් එය ඇමරිකා එක්සත් ජනපදය හෝ අයර්ලන්තයට එරෙහිව නොව ප්‍රමුඛ කණ්ඩායම් වලට එම දස්කම ඔහු දැක්වුව හොත් මම මගේ YOUTUBE නාලිකාව වහලා දානවා”

යනුවෙන්.

මෙම ප්‍රකාශයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ පකිස්ථානු ක්‍රීඩා ලෝලීන් බාබර් අසාම් වෙනුවෙන් සිට ගනිමින් Basit ගේ අන්තර්ජාතික ක්‍රිකට් දිවිය හාස්‍යට මෙන්ම විවේචනයට ලක්කිරීමද අරඹා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button