Cricket NewsEXCLUSIVE

ඇෆග්නිස්ථාන් තරඟාවලියේදී දුශාන් හේමන්තට හා මතීශ පතිරණට එක්දින වරම් !

ලබන ජූනි මස මුලදී ආරම්භ වීමට නියමිත සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේදී යොවුන් ක්‍රීඩක දුශාන් හේමන්ත හා මතීශ පතිරණ එක්දින වරම් දිනාගැනීමට නියමිත බව විශ්වාසනීය ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.

වත්මන් දේශීය පිටියේ දඟ පන්දු යවන්නන් අතර කැපී පෙනෙන දස්කම් දක්වන දුශාන් හේමන්ත දිගින් දිගටම ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කරමින් සුපිරි දස්කම් දක්වන්නට සමත් විය.පිතිකරුවෙකු ලෙසින්ද හොඳින් දස්කම් අතර සිටි දුශාන් අවසන් ටෙස්ට් තරඟාවලියේදී ශ්‍රී ලංකා සංචිතය පවා නියෝජනය කිරීම විශේෂත්වයක්.

එමෙන්ම මේ දිනවල පැවැත්වෙන අයිපීඑල් තරඟාවලියේ හොඳ රිද්මයක පසුවන මතීශ පතිරණද මීට පෙර අවස්ථා කිහිපයකදී ජාතික සංචිතය වෙත කැඳවීම් ලැබූ මුත් ජාත්‍යන්තර වරම් දිනාගැනීමට සමත් නොවීය.අත්දැකීම් ප්‍රමාණවත් නොවන බව කියමින් බංකුවට සීමා වූ මතීශ මේ වන විට මෙවර අයිපීඑල් තරඟාවලියේ චෙන්නායි පිල වෙනුවෙන් දෙවනුවට වැඩිම කඩුලු ගණනක් බිඳහෙලූ වේගපන්දු යවන්නා මෙන්ම මෙතෙක් තරඟාවලියේ වැඩිම යෝකර් පන්දු ගණනක් යොමු කල ක්‍රීඩකයාද වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
11
+1
8
+1
5
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button