EXCLUSIVEFuture StarsLPLPremier LeagueRishie Bro

ගෙදර නෙට් එකක් හදන් ප්‍රැක්ටිස් කරලා ක්‍රිකට් ගහපු ලසිත් කෲස්පුල්ලේ ! – මෙතනින් කියවන්න

පුංචි කාලේ ඉදන්ම ගෙදර නෙට් එකක් හදාගෙන උදේ හවස ප්‍රැක්ටිස් කරලා තියෙන ක්‍රිකට් ඇම්මට කට්ට කාපු එකා අද ඒ මහන්සියේ ප්‍රතිඵල මුලු රටටම පෙන්නනවා.

ලසිත් කෲස්පුල්ලේ !

අහසින් පාත් වුනු කෙනෙක් නෙමෙයි මේ…
වයස අවුරුදු 19න් පහල පාසල් කාලයේ ඉදන්ම ශ්‍රි ලංකා ක්‍රිකට් ගොඩ නගන්න ගත් අනාගත තරුවක්..!
මංගල LPL අර්ධ ශතකය,
ලකුණු 80යි.
පන්දු 61කට,
හතරේ පහරවල් 7යි.
ප්‍රහාරක වේගය 131.15යි.
ගාලු පිතිකරුවන් සියල්ලන්ම වගේ බලාපොරොත්තු වූ සාර්ථකත්වයක් නොලබද්දි මේ යොවුන් ක්‍රීඩකයා තනිව සිය කන්ඩායම වෙනුවෙන් සටන් වඳිනවා.
කෲස්පුල්ලේ දවසක් මෙහෙම කියනවා.

” මට ඕනි ශ්‍රි ලංකා A කන්ඩායම නියෝජනය කරලා ඊට පස්සේ ශ්‍රි ලංකා ජාතික කන්ඩායමට ඇවිත් රට වෙනුවෙන් ලොකු කාලයක් ක්‍රීඩා කරන්න ” ඔය කතාව ඔහු කියද්දි ඔහු ශ්‍රි ලංකා ඒ කන්ඩායමට ක්‍රීඩා කරලවත් නැ.. හැබැයි අද වෙද්දි ඔහු ශ්‍රි ලංකා ඒ කන්ඩායමට ක්‍රීඩා කරනවා.

කලබලයක් නැ…
මේ යන්න හදන්නේ හදිස්සි ගමනක් නෙමෙයි.
ලොකු ගමනක්…
ඔහොම යමු…
ලැබෙන්න දෙයක් තියෙයි නම් හොදම වෙලාවට ඒ දේ ලැබෙයි.
හරි වෙලාවට උඹ එනකල් ජාතික කන්ඩායමේ දොරටුව උඹ ගැන බලාගෙන ඇති..!

Well Done! Croos ❤️👏
✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button