Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකාවෙ පලමු ටෙස්ට් තරගය පරජාය කිරීමට එංගලන්තයට දායකත්වය දුන් ඩෙරෙක් අන්ඩර්වුඩ් මියයයි.

වසර 1982දී පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 8ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට දායක වූ එංගලන්ත වමත් දඟ පන්දු යැවූ ඩෙරෙක් අන්ඩර්වුඩ් 15 වනදා කෙන්ට්හිදී අභාවප්‍රාප්ත වුවේය. 60 සහ 70 දශකවල හොඳම පන්දු යවන්නකු වූ අන්ඩර්වුඩ් ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී ජෝන් එම්බියුරි සමඟ එක්ව රන්ජන් මඬුගල්ල, අර්ජුන රණතුංග, රෝයි ඩයස්, ඩී. එස් ද සිල්වා, අසන්තා ද මෙල්, ලලිත් කළුපෙරුම හා අජිත් ද සිල්වා දවාගෙන ශ්‍රී ලංකා පිල අසරණ කිරීය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු එංගලන්තයේ හොඳම දඟ පන්දු යවන්නා වූ ඩෙරෙක් අන්ඩර්වුඩ් ටෙස්ට් තරග 86කදී කඩුලු 297ක් දවාගැනීමට සමත් විය. වසර 24 ක් පුරා දිව ගිය පළමු පෙළ ක්‍රිකට් දිවිය තුළ ඔහු කඩුලු 2465 ක් දවා ගත්තේය. 1977 දී ඉන්දියාවට එරෙහි තරග පහකින් සමන්විත තරගාවලියකදී කඩුලු 29ක් දවාලීමට හෙතෙම සමත් විය.

කෙරී පැකර්ගේ ලෝක ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් හා 1981දී එංගලන්ත කැරලිකාර කණ්ඩායම සමඟ දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමෙන් අන්ඩර්වුඩ්ගේ ක්‍රිකට් දිවියේ මතභේද ඇති විය. අන්ඩර්වුඩ්, ක්‍රිකට් පරිපාලනය සමඟ සම්බන්ධ වෙමින් 2008දී එම්සීසී සභාපති ලෙස සේවය කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button