Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරයක් සදහා නවසීලන්තය බලා පිටත් වේ.

එක්දින ජාත්‍යන්තර තරග 3කට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 3කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ‍පෙරේදා (22) රාත්‍රියේ නවසීලන්තය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව චමරි අතපත්තුගේ නායකත්වය යටතේ නම් කරන ලද ක්‍රීඩිකාවෝ 16ක් ගුවන්තොටුපොළ බලා පිටත්ව ගියහ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවුරුදු 19න් පහළ බාළිකා කණ්ඩායමේ නායිකා මනුදි නානායක්කාර, උප නායිකා රශ්මිකා සෙව්වන්දි සහ නවක ක්‍රීඩිකාවක වන චේතනා විමුක්ති ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), අනුෂ්කා සංජීවනී (උප නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, මනුදි නානායක්කාර, ඉමේෂා දුලානි, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනී, සචිනි නිසංසලා, කෞෂනී නුත්‍යාංගනා, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්ධිකා කුමාරි, රශ්මිකා සෙව්වන්දි, චේතනා විමුක්ති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button