ශ්‍රී ලංකා රුපියල් කෝටි 610ක වැටුපක් ලබාදෙන පාකිස්තාන ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුර ෂේන් වොට්සන් ප්‍රතික්ෂේප කරයි.
වසරකට අෙමරිකානු ඩොලර් මිලියන 20ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 610ක) වැටුපක් ලබාදෙන බව පවසා පාකිස්තාන ක්‍රිකට් ආයතනය ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුර භාර ගන්නා ලෙස කළ ඉල්ලීම ෂේන් වොට්සන් ප්‍රතික්ෂේප කරයි. පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වැටුප් ලබන ප්‍රධාන පුහුණුකරු බවට ෂේන් වොට්සන් පත්වීමට ඔන්න මෙන්න තිබියදී ඔහු මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම විශේෂත්වයකි.
හිටපු ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් හා පාකිස්තාන ක්‍රිකට් ආයතනය අතර පැවැති සාකච්ඡාවේ තොරතුරු මාධ්‍යවලට කාන්දු වීමත් සමඟ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ඔහු දන්වා ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් පුහුණුකරු තනතුර භාර ගැනීමට නොහැකි බවය. එබැවින් එම තනතුර සඳහා සුදුසු වෙනත් අයෙකු පත් කරගන්නා ලෙස වොට්සන් දැනුම්දී ඇත.
පාකිස්තානයේ පැවැති සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්වෙට්ටා ග්ලැඩියේටර් කණ්ඩායම පුහුණුකරන අතරතුරේදී වොට්සන්ට පුහුණුකරු ධුරය භාර ගන්නා ලෙස ඉල්ලීම ලැබී ඇත. එහිදී වොට්සන් කැමැත්ත පළකොට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡාවට කිහිපයක් පවත්වා තිබේ. පාකිස්තාන ක්‍රිකට් ආයතනය කොන්දේසි කිහිපයක් ගැන දීර්ඝව සාකච්ඡා කළ බවත්, ඔහුගේ වැටුප පිළිබඳ විස්තර පාකිස්තානයේ මාධ්‍ය වෙත හෙළිවීම ගැන අසතුටට පත්ව ඇති බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.
පාකිස්තානය විදේශීය පුහුණුකරුවෙකු බඳවා ගැනීමේ අපේක්ෂාවෙන් ඩැරන් සැමී හා ෂේන් වොට්සන් යන දෙදෙනා පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව් එක්දින හා විස්සයි 20 කණ්ඩායම්වල පුහුණුකරු වන බැවින් සැමී එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.
පසුගිය නොවැම්බර් මාසයේ පැවැති ලෝක කුසලාන තරගාවලියෙන් පසු ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමෙන් පසු පාකිස්තාන පුහුණුකරු තනතුර පුරප්පාඩු විය.