Cricket NewsEXCLUSIVEInternational

“සිල්හෙට් තරගයේ ඉනිම් දෙක ගැන මම ගොඩක් තෘප්තිමත්” – කමිඳු මෙන්ඩිස්

“සිල්හෙට් තරගයේ ඉනිම් දෙක ගැන මම ගොඩක් තෘප්තිමත්. අපේ පළමු ඉනිම ලකුණු 57කට කඩුලු 5ක් බිඳ වැටුණා. නායක ධනංජයට ගෞරවය ලබා දිය යුතුය. ඔහු මට විශාල සහයෝගයක් ලබා දුන්නා, ඒ තත්ත්වය තුළ මගේ ස්වභාවික ක්‍රීඩාව කරන්න මට ධෛර්යය දුන්නා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ එවැනි දුෂ්කර තත්ත්වයක් උදාවෙන්න පුළුවන්. නමුත් කණ්ඩායම හොඳ තැනකට ගේන්න අවශ්‍යයි. සිල්හෙට් එකේ මගේ ඉනිම දෙක බැලුවොත් පේනවා පළමු ශතකය ලබා ගත්තේ පන්දු 128කින් බව. ඊළඟ ඉනිමේදී මම පන්දු 237කින් ලකුණු 164ක් ලබා ගත්තා. ඒ ඉනිම් දෙකම වෙනස්. ටෙස්ට් ක්‍රිකට්වල පිතිකරණය එහෙම වෙනස් කරන්න වෙනවා. තරගයේ තත්ත්වය තේරුම් ගෙන ක්‍රීඩා කළ යුතුයි” කමිඳු මෙන්ඩිස් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button