Cricket NewsEXCLUSIVEInternational

හතුරුසිංහ කණ්ඩායමේ අනෙක් පුහුණුකරුවන් හා ඇතැම් ක්‍රීඩකයින් සමඟ සුහදව කටයුතු කලෙ නෑ – බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා හතුරුසිංහව පතුරු ගසයි

පසුගිය ඉන්දීය ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් අධ්‍යක්ෂවරයාව සිටියදී තමන්ට ලැබිය යුතු ගෞරවය ලබා නොදුන් හතුරුසිංහ කණ්ඩායමේ අනෙක් පුහුණුකරුවන් හා ඇතැම් ක්‍රීඩකයින් සමඟ සුහදව කටයුතු නොකළ බවට චෝදනා කළේය.

බංග්ලාදේශ පෞද්ගලික රූපවාහිනී නාළිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ක්‍රිකට් අධ්‍යක්ෂවරයා චෝදනා කළේ ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ වේගපන්දු පුහුණුකරු ඇලන් ඩොනල්ඩ් සහ පන්දු රැකීමේ පුහුණුකරු ෂේන් මැක්ඩර්මොට් සමඟ හතුරුසිංහගේ නොමනා හැසිරීම් නිරන්තර දක්නට ලැබුණු බවය.

“ලෝක කුසලානයේ මොකද වුණේ කියා ඔබ දන්නවාද? ඇලන් ඩොනල්ඩ් පැවසුවේ කුමක්ද, මැක්ඩර්මොට් පැවසුවේ කුමක්ද? ප්‍රධාන පුහුණුකරු කණ්ඩායම සමඟ හොදින් හිටියේ නෑ. කොල්ලො ටිකත් හරි ගියේ නෑ. නමුත් එයට හේතු තිබුණා“ අධ්‍යක්ෂ කලීඩ් මහ්මුද් සුජාන් මහතා පැවැසීය. කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය හතුරුසිංහගේ පැමිණීම හෝ නොපැමිණීම සම්බන්ධයෙන් තවමත් නිල ප්‍රකාශයක් සිදුකර නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
10
+1
1
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button