Cricket NewsEXCLUSIVEIPL

භානුක රාජපක්ෂගේ Punjab Kingsට එරෙහිව පසුගිය වසරේ ශුරයන් වූ Chennai Super Kings තරඟ වදින IPL පිටියේ 11වන තරඟය අදයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 11වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ මහිෂ් තීක්ෂණ නියෝජනය කරන Chennai Super Kings කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Chennai Super Kings හි නායකත්වය Ravindra Jadeja විසින් දරන අතර Punjab Kings හි නායකත්වය Mayank Agarwal විසින් දරනවා.

Punjab Kings කණ්ඩායම ඔවුන්ගේ පළමු තරඟය ලෙස RCB සමග පැවති තරඟය ජය ගැනීමට සමත් වූ අතර KKR සමග පැවති තරඟය ඔවුන් පරාජය වුවා. එම තරඟ දෙකෙහිදීම Punjab Kings වෙනුවෙන් සටන්කාමී ඉනිම් දියත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සමත් වුනා.

ඒ අනුව අද තරඟයට ද ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර කඩුල්ල පිටුපස වගකීමද භානුක රාජපක්ෂ හටයි පැවරී තිබෙන්නේ.

නව නායකත්වයක් යටතේ තරඟ වදින Chennai Super Kings මේ වන විට සහබාගි වූ තරඟ 2කම පරාජයට පත්වී තිබෙනවා.

ඒ අනුව Chennai Super Kings සහ Punjab Kings අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Chennai Super Kings –

Ruturaj Gaikwad, Robin Uthappa, Moeen Ali, Ambati Rayudu, MS Dhoni (wk), Ravindra Jadeja (c), Dwaine Pretorius, Shivam Dube, Dwayne Bravo, Mukesh Choudhary, Tushar Deshpande

Punjab Kings –

Mayank Agarwal (c), Shikhar Dhawan, Liam Livingstone, Bhanuka Rajapaksa (wk), Odean Smith, Shahrukh Khan, Raj Bawa, Harpreet Brar, Kagiso Rabada, Arshdeep Singh, Rahul Chahar

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7