Cricket NewsEXCLUSIVEIPL

Delhi Capitals පන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කළ 22 හැවිරිදි Shubman Gillගේ IPL ගිනිකෙළි සැණකෙළිය.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 10වන තරගය ලෙස Gujarat Titans සහ Delhi Capitals කණ්ඩායම අතර ඊයේ පැවතී තරඟයෙන් ලකුණු 14ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Gujarat Titans සමත් වුනා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Gujarat Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 171ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු172ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 157ක් පමණයි.

මෙහිදී Gujarat Titans කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කරමින් පන්දු 46ක් තුල අධි වේගී ලකුණු 84ක් රැස් කිරීමට Shubman Gill සමත් වුයේ ඉතා පරිනත ක්‍රීඩා විලාශයක් පෙන්වමිනි.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් ඇතුලත් වුනා.ඔහුගේ ඉනිමේ ප්‍රහාරාත්මක වේගය සටහන් වුයේ 182.61 ලෙසයි.

Shubman Gillගේ එම සටන්කාමී පිතිහරඹය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7