Cricket NewsEXCLUSIVEWoman Cricket

ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම කාන්තා කණ්ඩායම තමන් බව නැවට නැවතත් තහවුරු කරමින් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම 7වන වරටත් ලෝක ශුරියන් ලෙස කිරුළු පළඳි.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් නවසීලන්තයේදී පැවැති කාන්තා ලෝක කුසලාන 2022 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද (3) සමත් වුනා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් කාන්තා ලෝක කුසලාන දිනූ 7 වැනි අවස්ථාව මෙය වූ අතර මින් පෙර 1978, 1982, 1988, 1997, 2005 සහ 2013 යන වසරවලදීද ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවර ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයෙන් ලකුණු 71 ක ජයක් වාර්තා කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලියේ ශූරතාව තමන් සතුකර ගැනීමට සමත් වුවා

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 356 ක් ලබා ගත්තේය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පිට පිටම දෙවැනි ශතකය ලබාගත් ඇලීසා හීලි පන්දු 138 කින් ලකුණු 170 ක් රැස්කළේ හතරේ පහර 26 ක් සමගිනි.

රැෂල් හේන්ස් (68) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 175 කදී ලකුණු 160 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හීලි, ඉන් නොනැවතී බෙත් මූනි (62) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 156 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත් වූවාය.

පන්දු 93 කදී වාර්තා වූ හේන්ස්ගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින්ද, පන්දු 47 කදී වාර්තා වූ මූනිගේ අර්ධ ශතකය හතරේ පහර 8 කින්ද සමන්විත විය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 356 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩිකවන්ට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන් හමුවේ පන්දුවාර 43.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 285 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමවල නිරත වූ ඇලානා කිං සහ ජෙස් ජොනසන් කඩුලු 3 බැගින් දවාගනිමින් එංගලන්ත කාන්තා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

ඒ සඳහා ඔවුන් දෙදෙනාට අනගි සහායක් දුන් මේගන් ෂූට් ලකුණු 42 කට කඩුලු 2 ක් බිඳහෙළුවාය. ඈෂ්ලි ගාඩ්නර් සහ ටාලියා මැග්‍රාත් එහිදී එක් කඩුල්ල බැගින් බෙදාගත්හ.

සෙසු පිතිකාරිණියන් අසාර්ථක වෙද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ නතාලි ෂීවර් පන්දු 121 කදී හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමග නොදැවී ලකුණු 148 රැස්කළාය.

10 වැනි පිතිකාරිණය ලෙස පිටියට පිවිසි චාලට් ඩීන් (21) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නතාලි සමත් වුවද, එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය.

තරඟයේ කෙටි ලකුණු පුවරුව

ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම – 356/5 (50)

ඇලීසා හීලි 170,
රැෂල් හේන්ස් 68,
බෙත් මූනි 62,
එලිස් පෙරි 17,

ඇන්යා ශ්‍රබ්සෝල් 46/3

එංගලන්ත කාන්තා කණ්ඩායම – 285/10 (43.4)

ටැමී බියුමොන්ට් 27,
හෙදර් නයිට් 26,
නතාලී ෂීවර් 148,
ඇමී ජෝන්ස් 20,
සොෆියා ඩන්ක්ලි 22,
චාලට් ඩීන් 21,

ජෙස් ජොනසන් 57/3,
ඇලනා කිං 64/3,
මේගන් ෂූට් 42/2

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button