Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය අද

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය අද (28) පැවැත්වෙයි

නෙදර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරඟ දෙකකට සහභාගී වීමට නියමිත අතර දෙවන පුහුණු තරගය ලබන සිකුරාදා අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙයි.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ජුනි මස 03 වන දින පැවැත්වීමට නියමිතව ඇත.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button