Cricket NewsEXCLUSIVETrending Article

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙළාගෙන තිබු අදුරු සෙවනැළි පළවා හැර, අලු ගසා හිස එසවූ 2021

2021 පටන් ගන්නෙම ලංකාවට අන්ත පරාජයක් අත් වුන දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලියකින්,

දකුණු අප්‍රිකාව තුලදී ආසියාතික රටකට ටෙස්ට් මැච් සෙල්ලන් කරන එක සෑහෙන අමාරු දෙයක් උනත් අපිටනන් මේ අවුරුද්ද පටන් ගද්දිම ලැබුණ පරාජයනන් තරමක් ලැජ්ජා සහගතයි.

තරගාවලිය පැරදුනාට අමතරව උන ලොකුම පාඩුව තමා අපේ ක්‍රීඩකයෝ එකින් එක අබාධ උන එක…
හැබැයි ඒක තමා 2021 එකේ හොදම පාඩම.

ඒ තරගාවලියට පින් සිද්ද වෙන්න ලංකාවෙ කලමාණාකරනය තේරුම් ගත්‍තා ලංකාවෙ ක්‍ර්‍රීඩකයන්ට තියෙන ෆිට්නස් අරබුදය
ඒකේන් පස්සේ මිකි ආතර් ඇතුලු පුහුනුකාර මණ්ඩලය තීරණය කරා 2km රන් ටෙස්ට් එකක් තියන්න.

අවුල කියන්නේ ලංකාව ඇතුලේ ඒ වෙනකොට හිටපු දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සෑහෙන පිරිසක් මේක ෆේල් ඒක හින්දාම එතනින් පස්සේ තිබ්බ තරගාවලි වල නවකයන් අවස්තා ලැබුනා ඒ වගේම හදිස්සියේම අසන්ත ද මේල් මහතා තේරීම් කමිටු ධූරයෙන් අයින් උනාට පස්සේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තවත් සෘජු තීරණ කීපයක් ගත්තා.

කොහොමහරි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ගත්ත සමහර තීරණ සමාජයේ දැඩි විවේචනයට ලක් උනා.

හැබැයි ප්‍රමෝද්‍ය මහතා නෙවෙයි ඒවා සතපහකට ගණන් ගත්තේ…

ඔය දේවල් ඔක්කොම එක්ක ප්‍රමෝද්‍ය ඇතුලු තේරීම් කමිටුව ක්‍රීඩකයින් වගේම නායකයින් පවා අත්හදා බැලුවා, සමහර තීරණ වැරදුනා සමහර තීරණ හරි ගියා…

හැබැයි මේ හැමදේම හැරවුම් ලක්ෂය තමා ඉන්දීය දෙවන පෙලේ ශ්‍රී ලංකා සංචාරය ඔතනින් ගොඩක් දේවල් වෙනස් වෙන්න ගත්තා …

“ඉන්දියාව පලමු වතාවට T20 තරගාවලියකින් පරාද කරන්න වගේම වසර 8කට පස්සේ ප්‍රබලම රටවල් 5න් එකකට එරෙහිව එක්දින තරගාවලියක් දිනන්නත් අපිට පුළුවන් වුනා.”

විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත් වෙයි කියලා කල් තියාම අනුමාන කරපු කණ්ඩායම කාටවත් හිතාගන්න බැරි පෙරලියක් කරා, වාසනාවෙ තිබ්බ අඩුවක් නිසා අපිට සෙමි යන්න බැරි උනා, පැහැදිලිම අපිට ලොකු ගමනක් තිබ්බා මේ තරගාවලියේ…

වනියා,පැතුම්,මහේෂ්,චරිත් හෙල්ලුවා මුලු ලෝකෙම,

අද අවුරුද්ද ඉවර වෙන දවස වෙද්දී අවුරුද්ද තුල වැඩිම විස්සයි විස්ස විකට් අරන් තියෙන්නේ වනියා(36)…
වැඩිම එක්දින කඩුලු අරන් තියෙන්නේ චමීර(20)…
වැඩිම ටෙස්ට් ඇවරේජ් එක දිම්මගේ

කාලෙකට පස්සේ, වසරේ ක්‍රීඩකයාගේ සම්මානයට පවා අපේ උන් තේරිලා.

ඔක්කොටම වඩා සතුටුයි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් උන එකට, ඉතින් පට්ටම සතුටුයි අපේ ක්‍රිකට් ආයෙමත් ගොඩනැගීගෙන එනකොට.

ඉස්සරහට ගත්ත පය පස්සට නොතියා 2022 අවුරුද්ද අපේ අවුරුද්ද කරගමු, 2022 අවුරුද්දේදී ආසියානු කුසලාන,විස්සයි විස්ස කුසලාන,U19 කුසලාන ලැබෙන අවුරුද්දක් වේවා කියලා ක්‍රිකට් රසිකයෝ විදිහට බොක්කෙන්ම සුභ පතමු.

– Cricket Of Lanka Matha Facebook පිටුව තැබූ සටහනක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7