Cricket NewsEXCLUSIVE

ICC වසරේ ක්‍රීඩකයා සම්මානය සඳහා නවසිලන්ත නායක කේන් විලියම්සන් ඇතුළු ක්‍රීඩකයින් 4ක් නිර්දේශ වෙයි.!

වසරේ ICC ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන කුසලානය වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය සඳහා නිර්දේශිත නාම නිවේදනය කරන්නට ජගත් ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබුණි.

ඒ සඳහා මේ වසරේදී සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයන් හතර දෙනෙකු ඇතුලත් වූ අතර මේ වසරේදී ඒ සඳහා පකිස්තානු ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුලත් වීමද විෂේශත්වයකි.

නිර්දේශිත නාම අතර මේ වසරේදී වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් එංගලන්ත නායක ජෝ රූට්,වැඩිම විස්සයි විස්ස ලකුණු ලබාගත් පකිස්තානු කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්, පකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්‍රීඩි මෙන්ම ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟය මෙන්ම විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයද සඳහා නවසීලන්තය මෙහෙයවූ නවසීලන්ත නායක කේන් විලියම්සන් ඇතුලත් වේ.

එංගලන්ත නායක රූට් මේ වසරේදී ජාත්‍යන්තර තරග 18කදී ලකුණු 1855 ක් රැස් කරගන්නට සමත්ව ඇති අතර එහිදී රූට් ගේ සාමාන්‍ය 58.37 කි.

සිය පිත්තෙන් මේ වසර තුලදී ශතක 6ක් සිය ගිණුමට බැර කරගන්නට එංගලන්ත ටෙස්ට් නායකයාට අවකාශය ලැබිනි.පිතිකරුවෙකු ලෙස සිය ක්‍රිකට් දිවියේ ස්වර්ණමය වසර බවට මේ වසර පත් කරගන්නට රූට් සමත් වූයේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ එංගලන්තය වෙනුවෙන් හුදෙකලා සටනකද නිරත වෙමිනි.

මේ වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කල ලකුණු 238 රූට් ගේ හොඳම ඉනිමද වන අතර මේ වසරේ ඔහු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගන්නටද සමත් විය.

එම ලැයිස්තුවට ඇතුලත් වූ දෙවන ක්‍රීඩකයා වූයේ පකිස්‍තානු වමත් වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්‍රීඩි ය.

ජාත්‍යන්තර තරග 36ක් කඩුලු 78ක් දවාගනිමින් තරඟ ආකෘති තුනම ආක්‍රමණය කරන්නට පකිස්තානු යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්‍රිඩි සමත් විය මේ වසරේදී ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය 22.20කි.

හොඳම පන්දු යැවීම ලෙස 6/51 සටහන් වෙයි.2021 වර්ෂය පුරාවටම විස්සයි විස්ස ආකෘතිය තුළදි තරඟ 21 කදී කඩුලු 23ක් දවා ගන්නට ශහීන් සමත් වූ අතර ලෝක කුසලානයේදී පකිස්තානු පිල වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඔහු ඉටු කලේය.

ටෙස්ට් තරග වලදි සමස්තයක් වශයෙන්, ඔහු තරඟ 9 කදී කඩුලු 47 ක් දවා ගත්තේ 17.06 ක විශිෂ්ට සාමාන්‍යයක් ද සහිතවය.

කේන් විලියම්සන් මේ වසරේදී සම්මානය සඳහා නිර්දේශිත නාම අතරට එක්වූ අතර ජාත්‍යන්තර තරග 16 කදී එක් ශතකයක් සමඟින් ලකුණු 693 ක් රැස් කරන්නට කේන් සමත් වූ අතර එහිදී සාමාන්‍ය 43.31 කි.

2021 වසර තුල ඔහු ලබාගත් ලකුණු මත පමණක් විනිශ්චය කළ නොහැකි වනු ඇති අතර මේ වසරේදී ලෝක කුසලාන අවසන් මහා තරඟ දෙකකට නවසීලන්ත කණ්ඩායම කේන් විලියම්සන් විසින් මෙහෙයවනු ලැබුවා.

විලියම්සන් එම අවසන් මහා තරග දෙක තුලදී පිත්තෙන් ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලැබූ අතර ඩුබායිහිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව අවසන් තරගයේදි නවසීලන්තය විලියම්සන් පන්දු 43කදී ලබාගත් ලකුණු 85 ක් හා සවුත් හැම්ප්ටන් හි ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ජයග්‍රාහී අර්ධ ශතකයක් ලබා ගන්නට සමත් විය.

මෙම වසර පුරාවටම කේන් ගේ නායකත්වය ජාත්‍යන්තර ක්‍රිකට් වල දැඩි කතාබහට ලක්වු දෙයක් බවට පත් වූ බව නම් නොරහසකි.

සම්මානය සඳහා නිර්දේශිත වූ අවසන් ක්‍රීඩකයා වූයේ පකිස්තානු කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් ය.මේ වසර තුලදී ජාත්‍යන්තර තරග 44කදී ශතක 2ක් සමඟින් ලකුණු 1915 ක් රැස් කරගන්නට සමත් වූ රිස්වාන්ගේ එහිදී සාමාන්‍ය 56.32ක් වන අතර ඒ අතරට දවාගැනීම් 56ක් ද ඇතුලත්ය.

මෙම වසර තුලදී විස්සයි විස්ස තරඟ රටාව සිය ග්‍රහණයට නතු කරගත් රිස්වාන් තරග 29ක් පමණක් වැය කරමින් ලකුණු 1326ක් රැස් කල අතර 73.66ක සාමාන්‍යයක් හා 134.89 ක ප්‍රහාරක වේගයක්ද පවත්වාගන්නට රිස්වාන් සමත් විය.

ගෙවීගිය ලෝක කුසලානයේදී පිත්තෙන් ඔහු දැක්වු දස්කම් විස්සයි20 ලෝක කුසලානයේදී පාකිස්තානය අවසන් පූර්ව වටයට රැගෙන යෑමට ද ඉවහල් විය.

විස්සයිවිස්ස ආකෘතියට පමණක් සීමා නොවූ රිස්වාන් මේ වසරේදී තරග 9කදී ලකුණු 455ක් රැස්කළේ සාමාන්‍ය 45.50ක් වාර්තා කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7