Cricket NewsEXCLUSIVEInternational

ප්‍රභලයන් විවේක ගැන්වූ කොදෙව් කණ්ඩායම ඉදිරියේ බංගලාදේශය අවමන්සහගත දැවැන්ත පරාජයක් ලබයි.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනියුක්තව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ පිතිකරුවන්ට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි බංගලාදේශ පිතිකරණ බලඇණිය ඉතා දියාරු ස්වරූපයක් ගත් අතර ඔවුන්ගේ ප්‍රථම ඉනිම ලකුණු 103 ට සීමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු බලඇණිය සමත් වුණා.

බංග්ලාදේශය ඉනිමේ ක්‍රීඩකයින් හයදෙනෙකුම ලකුණු ලබා ගැනීමට පෙර (0) දැවී යෑම විශේෂත්වයක්. ඒ අනුව සිය පළමු ඉනිම ඇරැඹු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් සිය පළමු ඉනිමට ලකුණු 245ක් රැස් කිරීමට සමත් වුයේ බංගලාදේශ පළමු ඉනිමට වැඩ ලකුණු 142ක් ඉදිරියට යමිනුයි.

ඒ අනුව සිය දෙවන ඉණිම ඇරඹු බංගලාදේශය සිය දෙවන ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 245ක් රැස් කිරීමට සමත් වු අතර ඒ අනුව ජයග්‍රහණය සඳහා බටහිර ඉංදීය කොදෙව් කණ්ඩායමට සිය දෙවන ඉනිම තුලදී හිමි වූ ඉලක්කය ලකුණු 84ක් වූ අතර කඩුලු 3ක් පමණක් බිඳ වැටෙද්දී එම ඉලක්කය සාර්ථකව ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරඟය ජයග්‍රහණය කළ කළා.

තරඟයේ වීරයා සම්මානය හිමි වුයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කොදෙව් ක්‍රීඩක Kemar Roach හටයි.

බන්ගලදේශ පළමු ඉනිම – 103/10
Shakib Al Hasan 51
Tamim Iqbal 29

Alzarri Joseph 3/33
3/33 (10)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම · 265/10
Kraigg Brathwaite 94
Jermaine Blackwood 63

Mehidy Hasan 4/59
Khaled Ahmed 2/59

බන්ගලදේශ දෙවන ඉනිම 245/10
Nurul Hasan 64
Shakib Al Hasan 63

Kemar Roach 5/53
Alzarri Joseph 3/55

බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනිම – 88/3
John Campbell 58*
Jermaine Blackwood 26* (

Khaled Ahmed 3/27

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7