Cricket NewsEXCLUSIVEIPLMatch Review

මහිෂ් තීක්ෂණගේ සුපිරි පන්දු යැවීම අපතේ යවමින් Chennai Super Kings කණ්ඩායම RCB ඉදිරියේ ලකුණු 13ක පරාජයක් ලබයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 49වන තරගය ලෙස මහිෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ ක්‍රීඩා කරන Chennai Super Kings සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 13ක තියුණු ජයක් වාර්තා කිරීමට Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පන්දුවට පහර ම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 8ක් දැවී ලකුණු 173ක් රැස් කළා.

Royal Challengers Bangalore වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Mahipal Lomror පන්දු 27කදී ලකුණු 42ක් වාර්තා කිරීමට සමත් වුනා.

Faf du Plessis ලකුණු 38ක් රැස් කළ අතර Virat Kohli ලකුණු 30ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහිෂ් තීක්ෂණ කඩුලු 3ක් බිඳ හෙලු අතර Moeen Ali කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 174ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Chennai Super Kings පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 168ක් පමණයි

Chennai Super Kings ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Devon Conway පන්දු 37ක් තුල වෙගවත් ලකුණු 56ක් රැස් කල අතර Moeen Ali ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේදී Harshal Patel කඩුලු 3ක් බිඳ හෙලු අතර Glenn Maxwell කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

මෙම පරාජය සමගින් පසුගිය වසරේ ශුරයන් වූ Chennai Super Kings කණ්ඩායමේ අවසන් වටයේ බලපොරොත්තු අහිමි වූ අතර Royal Challengers Bangalore කණ්ඩායමේ අවසන් වටයේ බලාපොරොත්තු තව දුරටත් ඉහළ නැංවුනා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7