Cricket NewsEXCLUSIVEIPL

Punjab Kings පන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කළ 22 හැවිරිදි Shubman Gillගේ IPL ගිනිකෙළි සැණකෙළිය.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 16වන තරගය ලෙස ඊයේ Punjab Kings කණ්ඩායම සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 6ක ජයක් හිමිකර ගැනීමට Gujarat Titans කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Punjab Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 189ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 190ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 190ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Gujarat Titans ඉනිම ආරම්භයේ පටන්ම වගකීම කරට ගත් ආරම්භක පිතිකරු Shubman Gill පන්දු 59ක් තුල වෙගවත් ලකුණු 96ක් රැස් කල අතර එම විශිෂ්ට ඉනිම හේතුවෙන් ඔහු තරඟයේ වීරයා බවටද පත් වුනා.

තවමත් 22 හැවිරිදි වියේ පසුවන නවතම ඉන්දීය සුපිරි තරුව Shubman Gillගේ එම විශිෂ්ට ඉනිමට දැවැන්ත හයේ පහරක් සමගින් හතරේ පහර 11ක් ඇතුලත් වුනා.

Shubman Gillගේ එම සුපිරි පිතිකරණය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button