Cricket NewsEXCLUSIVEIPL

මහේල ජයවර්ධනගේ Mumbai Indiansට එරෙහිව වනිදු හසරංගගේ RCB තරඟ වදින IPL පිටියේ දැවැන්තයන්ගේ සංග්‍රාමය අද රාත්‍රියේ..

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 18වන තරගය ලෙස ලෙස මහේල ජයවර්ධන විසින් ප්‍රධාන පුහුණුකාරීත්වය දරන Mumbai Indians සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Mumbai Indians හි නායකත්වය Rohit Sharma විසින් දරන අතර Royal Challengers Bangalore හි නායකත්වය Faf du Plessis විසින් දරනවා.

Mumbai Indians ඔවුන් සහබාගි වූ තරඟ තුනම පරාජය වී මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයේ පසුවන අතර Royal Challengers Bangalore කණ්ඩායම තරඟ තුනකට සහබාගි වී ඉන් තරඟ 2ක් ජය ගනිමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානයේ පසු වනවා.

ඒ අනුව Mumbai Indians සහ Royal Challengers Bangalore අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Royal Challengers Bangalore –

Faf du Plessis (c), Anuj Rawat, Virat Kohli, Glenn Maxwell, Dinesh Karthik (wk), David Willey, Wanindu Hasaranga, Shahbaz Ahmed, Harshal Patel, Mohammed Siraj, Akash Deep

Mumbai Indians –

Rohit Sharma (c), Ishan Kishan (wk), Dewald Brevis, Suryakumar Yadav, Tilak Varma, Kieron Pollard, Fabian Allen, Murugan Ashwin, Jasprit Bumrah, Tymal Mills, Jaydev Unadkat

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button