Cricket NewsEXCLUSIVEIPL

පන්ජාබයට එරෙහිව අවසන් පන්දු දෙකට දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කරමින් “රාහුල් තේවාටියා” Gujarat Titans දිනවයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 16වන තරගය ලෙස Punjab Kings කණ්ඩායම සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 6ක ජයක් හිමිකර ගැනීමට Gujarat Titans කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Punjab Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 189ක් රැස් කිරීමට සමත් වුණා.

Punjab Kings සහබාගි වූ මුල් තරඟ දෙකෙහිදීම Punjab Kings වෙනුවෙන් සටන්කාමී ඉනිම් දියත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සමත් වුනා. තෙවැනි තරඟයේදී ඔහු අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට හසු වුනා.

කෙසේ නමුත් අද දිනයේදී භානුක රාජපක්ෂගේ ස්ථානයට Jonny Bairstow ආදේශ වූ අතර ඒ හේතුවෙන් භානුක රාජපක්ෂට අද සිය ස්ථානය අහිමිව ගියා.

කෙසේ නමුත් භානුක රාජපක්ෂ වෙනුවට අද කණ්ඩායමට පැමිණි Jonny Bairstow හට අද දිනයේදී රැස් කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 8ක් පමණයි. ඔහු ඒ සඳහා පන්දු 8ක් වැය කල අතර Lockie Ferguson යැවූ පන්දුවකට Rahul Tewatia අතට උඩ පන්දුවක් ලබා දී ඔහු දැවී ගියා.

Punjab Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Liam Livingstone පන්දු 27කදී ලකුණු 64ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් එයට ඇතුලත් වුනා.

Shikhar Dhawan ලකුණු 35ක් රැස් කළ අතර Jitesh Sharma ලකුණු 23ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Rashid Khan කඩුලු 3ක් බිඳ හෙලු අතර Darshan Nalkande කඩුලු දෙකක් බිඳ හෙලුවා.

ඒ අනුව ලකුණු 190ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 190ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

එහිදී තරඟයේ අවසන් පන්දු දෙකට ජයග්‍රහණය සඳහා Gujarat Titans කණ්ඩායමට ලකුණු 12ක් අවශ්‍ය වූ අතර එම අවස්ථාවේ පිතිකරණයේදී සිටි Rahul Tewatia පිට පිටම දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කරමින් Gujarat Titans කණ්ඩායම වෙත ජයග්‍රහණය රැගෙන එම සමත් වුයේ මෙවර තරඟාවලිය තුල තවමත් අපරාජිතව සිටින එකම කණ්ඩායම බවට Gujarat Titans කණ්ඩායම පත් කරමිනි.

Gujarat Titans ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Shubman Gill පන්දු 59ක් තුල වෙගවත් ලකුණු 96ක් රැස් කල අතර Sai Sudharsan ලකුණු 35ක් රැස් කළා.පන්දු යැවීමේදී Kagiso Rabada කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

දැවැන්ත හයේ පහර දෙකක් පිට පිට එල්ල කරමින් Gujarat Titans කණ්ඩායම වෙත ජයග්‍රහණය රැගෙන ආ Rahul Tewatiaගේ සුපිරි ප්‍රහාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7