Cricket NewsEXCLUSIVE

මිර්පුර් හිදී බංගලාදේශය සමග පැවති තෙවන තරඟය පරාජය වීමත් සමග වත්මන් විස්සයි-20 ලෝක ශූර එංගලන්තයට 3-0ක් ලෙස පූර්ණ තරඟාවලි පරාජයක්.!

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලිය ජයග්‍රහණය කරන්නට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අද සමත් වූයේ තරඟ 3-0 ක් ලෙසින් එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි.

අවසන් වසර කිහිපය තුල බංග්ලාදේශය තම මව්බිම තුල රඳවා ගත් ජයග්‍රාහී රිද්මය තවදුරටත් ඉදිරියට ගෙන යන්නට ඔවුන් සමත් වූ අතර අද නිමාවූ තෙවැනි විස්සයි විස්ස තරඟයෙන්ද ලකුණු 16 කින් එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් එංගලන්තයට එරෙහිව සිය කුළුඳුල් පූර්ණ තරඟාවලි ජයග්‍රහණය ලබාගන්නට බංග්ලාදේශය සමත් විය.

දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයන් වූ චිතගොන් හිදී පැවැති පළමු තරඟය කඩුලු 6 කින්ද,ඩකා හිදී පැවැති දෙවැනි තරඟය කඩුලු 4 කින් හා අද තරඟය ලකුණු 16 කින් ජයගත් බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කල පිතිකරුවා බවට පත් වූයේ නජ්මුල් හොසෙන් ශාන්ටෝ ඔහු එහිදී තරඟාවලියේ වීරයා ලෙසින්ද සම්මාන දිනාගන්නට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
4
+1
15
+1
5
+1
1
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button