Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා පළමු පෙළ ලකුණු මැශිම නිශාන් මධුශ්කට ජාත්‍යන්තර වරම් හිමිවන ලකුණු – කඩුලු රැකීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට – දික්වැල්ල ඉවතට.!

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය අනිද්දා වෙලිංටන් හිදී ආරම්භ වීමට නියමිතයි.පළමු තරඟයේදී තියුණු තරඟයකින් අනතුරුව පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සමඟින් තරඟයට අවතීර්ණ වීමට නියමිතයි.

බොහෝ විශ්ලේකයින් හා විචාරකයින් අතර එතරම් පැසසුමට ලක් නොවන වෙනසක් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරඟයට පිවිසෙනු ඇත.පළමු තරඟයේදී නිරෝශන් දික්වැල්ලගේ කඩුලු රැකීම තරඟයේ තීරණයට විශාල බලපෑමක් එල්ල කල අතර එහිදී දික්වැල්ලගේ කඩුලු රැකීම විවේචනයට ලක් විය.

ඒ හේතුවෙන් මීලඟ තරඟය සඳහා නිරෝශන් දික්වැල්ල වෙනුවට පිතිකරුවෙකු ආදේශ වීමට නියමිත අතර ඒ යොවුන් ක්‍රීඩක නිශාන් මධුශ්කයි.කෙසේ නමුත් එම තරඟයේදී නිශාන් කඩුලු රැකීම සිදු නොකරන අතර කඩුලු රැකීමේ වගකීම ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් හට පැවරෙනු ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නොම්මර තුන පිතිකරුවා ලෙස කටයුතු කරන කුසල් මෙන්ඩිස්ගේ ශරීර සෞඛ්‍යට එතරම් හිතකර නොවන තීරණයක් බවට මෙය පත්වනු ඇත.යම්හෙයකින් කුසල් මෙන්ඩිස් කඩුලු රැකීම සිදු කරන්නේ නම් ඔහුට පිතිකරණ ලැයිස්තුවේ පහළට ගොස් පිතිකරණයේ යෙදීම යෝග්‍ය බවටයි විචාරකයින් මත පලකරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
5
+1
0
+1
1
+1
1
+1
3
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7