Cricket NewsEXCLUSIVEInternational

ප්‍රභල ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් ඉන්දියාව 2-1 ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජයගනී – ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරඟයත් ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර..

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගණයේදී පැවැති සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (13 ) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. මෙම තරගය ජය පැරදුමකින් තොරව අවසන් වුවද, දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත් විය.

තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 175 ක් ලබා සිටියේය. ඒ වන විට මානස් ලැබුෂේන් හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 63 ක්ද, නායක ස්ටීවන් ස්මිත් හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 10 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

සිවුවැනි දිනය වූ ඊයේ (12 වැනිදා) ක්‍රීඩාව නරත කරන විට කිසිවකු නොදැවී ලකුණු 3 ක් ලබා සිටි ඕස්ටේ්‍රලියානුවෝ, අද දිනයේදී සිය දෙවැනි ඉනිමට ලකුණු 172 ක් එක්කර ගත්හ. එහිදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 90 ක් ලබා සිටි ආරම්භක පිතිකරු ට්‍රැවීස් හෙඩ් ශතකය පෙනී පෙනී දැවී ගියේය.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – 480/10
ඉන්දීය පළමු ඉනිම – 571/10
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම – 175/2

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
5
+1
2
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button