Cricket NewsEXCLUSIVE

“වර්ල්ඩ් කප් එකත් හොඳට කරලා LPL එකත් හොඳට කරපු භානුක රාජපක්ෂ කෝ ?” – ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදියා ශ්‍රී ලංකාවෙන් අසයි.!

පසුගිය 11 වනදා ආරම්භ වු ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය මේ වන විට පැවති තරඟ තුනම පරාජයට පත්වී ශ්‍රී ලංකාව තරගාවලි පරාජයට මුහුණ දී සිටිනවා.

කෙසේ නමුත් තරඟාවලියේ ප්‍රථම තරග දෙකේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දස්කම් විදෙස් විචාරකයින්ගේ පවා දැඩි අවධානයට ලක් වූ අතර මාස කිහිපයකට පෙර විස්සයි-20 තරග ආකෘතියෙහි ලෝක ශූරයන් ලෙස කිරුළු පැළඳි ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව තරුණ ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් ‍ක්‍රිකට් ලෝකේ ම අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

කෙසේ නමුත් තරගාවලිය ආරම්භ කරමින් සුගියදා 11වන දා පැවති ප්‍රථම තරගයේ කාසියේ වාසිය ට පෙර එම අවස්ථාවේ විස්තර විචාරයේ යෙදී සිටි මාධ්‍ය වේදියා ප්‍රකාශ කළ අදහසක් සම්බන්ධව අපගේ අවධානය යොමු වුණා.

එහිදී මාධ්‍යවේදියා ප්‍රශ්න කර සිටියේ ලෝක කුසලාන තරගාවලියේදීත්, ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදීත් ඉතා හොඳින් ක්‍රීඩා කළ දස්කම් පෙන්වමින් සුපුරුදු රිද්මය දිගින් දිගටම පවත්වා ගත් ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ඔස්ට්‍රේලියානු තරග සංචාරයට ක්‍රීඩා නොකරන්නේ මන්ද ලෙසයි.

එම පැනය EspnCricinfo Commentary Box එකෙහි සඳහන් වුණේ පහත ආකාරයටයි.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සමඟ පැවති පළමු තරග දෙකෙහිදීම එක් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ශ්‍රී ලකාව සතුව සිටියා නම් එම තරග දෙකම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා පහසු කාර්යයක් වන බවද විදෙස් විචාරකයන් සඳහන් කර සිටියා.

ඒ අනුව ඇතැම් විට භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා කරානම් මේ වන විට තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසු වීමටද වැඩි ඉඩකඩක් තිබූ බවයි අපගේ මතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7