Cricket NewsEXCLUSIVEIPL

මතීෂගේ දෙවැනි පන්දුවාරය වෙනුවෙන් හිතාමතා තරඟයේ කාලය නාස්ති කල MSD ට අයිපීඑල් අවසන් මහා තරඟය අහිමි වන ලකුණු !

ඉකුත්දා මෙවර IPL තරඟාවලියේ පළමු QUALIFIER තරඟය ජයග්‍රහණය කරමින් අවසන් මහා තරඟයට පිවිසීමට ප්‍රභල චෙන්නායි කණ්ඩායම සමත් විය.කෙසේ නමුත් එම තරඟයේ ගුජරාට් ඉනිමේ 16 වැනි පන්දුවාරය යොමු කිරීමට පෙර හිතාමතා කාලය නාස්ති කිරීම හේතුවෙන් චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි හට මෙවර IPL තරඟවලියේ අවසන් මහා තරගයට සහභාගි වීම තහනම් විය හැකි බව ඉන්දීය පුවත් මූලාශ්‍ර කිහිපයක් සඳහන් කර තිබුණි.

ක්‍රීඩක ආචාර ධර්ම කඩකිරීම සම්බන්ධයෙන් මෙම වාරයේ වරක් දඩයකට යටත්ව සිටින දෝනිට එක් තරගයක තහනමක් පැනවීමට ඉඩ ඇති අතර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන IPL 2023 අවසන් මහා තරගය වීමට ඉහළ ඉඩකඩක් පවතින බවයි ඔවුන් තවදුරත් කියා සිටින්නේ.

තරඟයේ අවසන් පන්දුවාර කිහිපයේදී ලකුණු , දෝනි පිටියේ විනිසුරුවන් සමඟ බහින්බස් වීමක් ඇති කරගත් අතර එය මිනිත්තු හතරක ප්‍රමාදයක් තරඟයේ ඇති කළේය.තරගයේ 16 වැනි පන්දුවාර මතීෂ පතිරණ යොමු කිරීමට නියමිත වූ අතර විනාඩි 9 ක් ඔහු පන්දු රැකීමෙන් බැහැරව සිටීම හේතුවෙන් අයිපීඑල් නීතිරීති වලට අනුව ඕනෑම ක්‍රීඩකයෙකු මිනිත්තු අටකට වඩා වැඩි කාලයක් පිටියෙන් ඉවත්ව සිටී නම් ඔහුට යලිත් පිටියතුල තම ක්‍රියාවේ සක්‍රීය වීමට සුදුසුකම් ලැබීමට පෙර ඒ හා සමාන කාලයක් පිටියේ යලිත් රැඳී සිටිය යුතුය.

ඒ අනුව මිනිත්තු 9 ක් පිටියෙන් බැහැරව සිටි මතිෂ හට 16 වැනි පන්දුවාරය යැවීමට ඉඩ නොලැබීමත් සමඟ මෙම සිදුවීම සිදුවිය. මතීෂ පන්දු යැවීමට පැමිණි විට විනිසුරුවන් ඔහුව නවතා නායක එම්.එස්. දෝනි සමඟ සංවාදයක නිරත වූයේ පතිරණ විවේකයෙන් පසු පිටියේ නියමිත කාලය සම්පූර්ණ නොකිරීම පිළිබඳවයි.IPL නීතිරීතිවලට එය අනුගත නොවන බවයි විනිසුරවරුන්ගේ නිගමය වූයේ.

පිටියේ විනිසුරුවරුන් විරෝධය පළ කල අතරවාරයේදී දෝනි විනිසුරුවන් සමඟ විනාඩි පහකට ආසන්න කාලයක් වාද විවාද ඇති කර ගත් අතර ඔහු සිතාමතා එසේ කාලය ප්‍රමාද කල අතර අවසානයේදී එම විනාඩි පහෙන් පසුව 16 වැනි පන්දුවාරය යොමු කිරීමේ අවකාශය මතීෂට හිමිවිය.එමෙන්ම ඒ හේතුවෙන් තරඟයේ මන්දගාමී පන්දුවාර වේගයක් රඳවාගත්තාට කණ්ඩායමට දඩුවම් ලැබිය හැකි බවට ඔහුට අනතුරු ඇඟවීමටද විනිසුරවරුන් කටයුතු කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
5
+1
5
+1
4
+1
16

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button