ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද දකුණු අප්‍රිකාව බලා පිටත් වේ.
සීමිත ඕවර තරගාවලි ද්විත්වයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (23) දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතය.
මේ සංචාරයේදී කාන්තා පිල තරග 3කින් සමන්විත විස්සයි20 සහ එක්දින තරගාවලි දෙකක් ක්‍රීඩා කරන අතර, මේ සංචාරයට එක් වන සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩිකාවෝ 17 දෙනකු ඇතුළත්ව සිටිති.
දෙපිල අතර පළමු විස්සයි20 තරගය මේ 27 වැනිදා බියෝනිහිදී පැවැත්වෙන අතර, දෙවැනි තරගය 30 වැනිදා පොච්ෆ්ස්ට්රූම්හිදීත්, අවසන් විස්සයි20 තරගය අප්‍රේල් 3 වැනිදා ඊස්ට් ලන්ඩන්හිදීත් පැවැත්වේ. පළමු සහ තෙවැනි විස්සයි20 තරග දෙක රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතය.
තරග 3කින් සමන්විතව පැවැත්වෙන එක්දින තරගාවලිය අයිසීසී කාන්තා ශූරතාවලියට ඇතුළත් වන අතර, එය අප්‍රේල් මස 9 වැනිදා ඊස්ට් ලන්ඩන්හිදී ආරම්භ වන අතර, දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් අප්‍රේල් 13 සහ 17 දිනවල කිම්බ්ලි සහ පොච්ෆ්ස්ට්රූම්හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා පිල: චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, නිලක්සි ද සිල්වා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, අනුශ්කා සංජීවනී, ඕෂධී රණසිංහ, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, හන්සිමා කරුණාරත්න, ඉමේෂා දුලනි, කාව්‍යා කාවින්දි, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි සහ ප්‍රසාදිනී වීරක්කොඩි.