Cricket NewsEXCLUSIVEInternational

මහ­නු­වර විද්‍යාර්ථ විද්‍යා­ලයේ තණ­තිලි 10කින් යුත් ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණය අද සිසු අයි­ති­යට

මහ­නු­වර විද්‍යාර්ථ විද්‍යා­ලයේ තණ­තිලි 10කින් යුත් ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණය අද (23) සිසු අයි­ති­යට පැව­රී­මට නිය­මි­තය.

ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ මූල්‍ය අනු­ග්‍ර­හය මත ක්‍රීඩාං­ග­ණයේ තණ­තිලි සකස් කර තිබෙන අතර තණ­තලි 10ක් මෙරට කිසිදු පාසල් ක්‍රීඩාං­ග­ණ­යක නොමැති යැයි විද්‍යාර්ථ විද්‍යා­ලීය ආදි ශිෂ්‍ය සංග­මයේ සභා­පති රංජිත් වීර­සිංහ මහතා පව­සයි. විද්‍යාර්ථ විද්‍යා­ලීය ක්‍රීඩාං­ග­ණයේ පසු­ගි­යදා (20) පැවති මාධ්‍ය හමු­ව­කදී මේ බව පැවසූ ඒ මහතා පාසල් කාල­යේදී තමන්ට අත්වි­ඳි­න්නට නොහැකි වූ පහ­සු­කම් වත්මන් සිසුන්ට අත්ක­ර­දීම ආදි සිසුන්ගේ වග­කීම බවත් මෙරට සෑම පාස­ලක්ම ක්‍රීඩා අංශ­යෙන් දියු­ණු­වක් අත්ප­ත්ක­ර­ගනු ලබන්නේ ආදි ශිෂ්‍ය සංගම් මඟින් ලබා­දෙන පහ­සු­කම් හේතු­වෙන් බවත් ඒ මහතා කීය. වසර 83ක ඉති­හා­ස­යක් ඇති විද්‍යාර්ථ විදු­හ­ලට හිමි වූ විශා­ල­තම දායා­ද­යක් ලෙස මේ ක්‍රීඩාං­ග­ණය හැඳි­න්විය හැකි බවත් මහ­නු­වර හා ඒ අවට ඕනෑම පාස­ලක ක්‍රිකට් කණ්ඩා­ය­ම­කට මේ තණ­තිලි පුහු­ණුව සඳහා ලබා දීමට සූදා­නම් බව ද ඔහු පැව­සු­වේය.

හිටපු ජන­පති මහින්ද රාජ­පක්ෂ මහ­තා­ගෙන් කළ ඉල්ලී­ම­කට අනුව නාමල් රාජ­පක්ෂ මහතා ක්‍රීඩා ඇමැති ධුරය හෙබවූ සමයේ ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­ර­යාගේ මැදි­හ­ත්වී­මෙන් මෙහි ඉදි­කි­රීම් ආරම්භ කළ බවත් කොවිඩ් ව්‍යාප්තිය හේතු­වෙන් එය සිසු අයි­ති­යට පත් කිරීම තර­මක් ප්‍රමාද වී තිබේ. දැනට අවු­රුදු 13,15 හා 17 න් පහළ ක්‍රිකට් තරග පැවැ­ත්වී­මට තරම් විශා­ල­ත්ව­යෙන් යුත් ක්‍රීඩාං­ග­ණය දෙවැනි අදි­යර යටතේ 19න් පහළ ක්‍රිකට් තරග පැවැ­ත්වී­මට හැකි සේ පුළුල් කරන අතර, මේ වන විට විද්‍යාර්ථ විදු­හල සතුව ව්‍යායාම මධ්‍ය­ස්ථා­න­යක් සහිත අංග සම්පූර්ණ ක්‍රීඩාං­ග­ණ­යක් ඇති අතර, ඉදිරි වසර එක­හා­මා­ර­කදී පිහි­නුම් තටා­ක­යක් ඉදි­කර සිසු අයි­ති­යට පත් කිරී­මට සැල­සුම් කර ඇති බව ආදි ශිෂ්‍ය සංග­මයේ සභා­ප­ති­ව­රයා පැව­සු­වේය. මේ අව­ස්ථා­වට විද්‍යාර්ථ විද්‍යා­ලීය ආදි ශිෂ්‍ය සංග­මයේ උප සභා­පති සිරි­ව­ර්ධන පිටි­ගල, භාණ්ඩා­ගා­රික තිස්ස අමු­ණු­ගම යන මහ­ත්වරු ඇතුළු පිරි­සක් ද සහ­භාගි වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
4
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button