Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

ශ්‍රි ලංකා ක්‍රීඩිකාවෝ 2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දොරටුව අබියසටම පැමිණෙයි

බටහිර ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කරමින් ලබාගත් 3-0 ක තරගාවලි ජයත් සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙහෙයවු ලබන කාන්තා ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි ස්ථානය දක්වා ඉහළ නැඟ සිටිති. කාන්තා ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් තරග 3 ක් ඉතිරිව තිබෙන බැවින් චමරි අතපත්තු ඇතුළු ක්‍රීඩිකාවෝ 2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දොරටුව අබියසටම පැමිණ සිටිති.

කාන්තා ලෝක ශූරතාවලිය සඳහා කණ්ඩායම් 10 ක් සහභාගි වන අතර එය ලීග් පදනම මත පැවැත්වෙයි. සෑම කණ්ඩායමක්ම තරග 24 කට සහභාගි විය යුතුව තිබේ. මෙම ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකා කාන්තා පිලට තවත් තරග 3 ක් ඉතිරිව ඇත. අයර්ලන්ත කාන්තා පිලට එරෙහිව පැවැත්වෙන එම තරග අගෝස්තු මස 16, 18 සහ 20 දිනවලදී අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවරදී පැවැත්වීමට නියමිතය.

2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකයන් වන්නේ ඉන්දියාවයි. එබැවින් කාන්තා ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව ඉහළින්ම සිටින කණ්ඩායම් 5 සමගින් සත්කාරක ඉන්දියාවත් 2025 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගනු ඇත.

තරග 6 ක් ඉතිරිව තිබියදීම ප්‍රසාද ලකුණු 28 ක් ලබා සිටින ඕස්ටේ්‍රලියාව සහ සත්කාරක ඉන්දියාව මේ වන විටත් 2025 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටිති. සත්කාරකයන් වීමේ පදනම මත ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින නමුත් ඉන්දියානු ක්‍රීඩිකාවෝ තරග 11 කින් ප්‍රසාද ලකුණු 19 ක් ලබා සිටිති. කාන්තා ලෝක ශූරතාවලියේ තවත් තරග 13 ක් ඔවුන්ට ඉතිරිව ඇත.

2025 ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබා නොගත් කණ්ඩායම් අතුරින් අන්තර්ජාතික ශ්‍රේණිගකිරීම් අනුව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 2 සහ ප්‍රසාද ලකුණු පුවරුවේ ඉතිරි කණ්ඩායම් 4 ට අතර පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරගාවලියකින් පසුව ලෝක කුසලාන තරගාවලිය සඳහා තවත් කණ්ඩායම් 2 තෝරා ගැනෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button