Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

ආසියානු කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ – ලංකාව සහභාගි වන තරගය හෙට

පස්වැනි වරට පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද සිට 28 වැනිදා දක්වා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන පළමු තරගය හෙට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන අතර, තරගාවලිය ආරම්භ කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා නේපාලය අද පස්වරු 2ට හා ඉන්දියාව – පාකිස්තානය අද පස්වරු 7ට තරග බිමට පිවිසේ.

ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර, සත්කාරක ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තය ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිති. මේ 28 වැනිදා තරගාවලියේ අවසන් මහා තරගය විදුලි ආලෝක ධාරා මැද පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙසින් ප්‍රහාරක පිතිකාරිනිය වූ චමරි අතපත්තුට පවරා ඇති අතර, පසුගිය ආසියානු කුසලානයට සහභාගිවූ ක්‍රීඩිකාවන් 6ක් ද ඇතුළත්ව සිටිති. ආසියාවේ ශූරියන් කවුරුන්ද යන්න තීරණය කෙරෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා ඇති අතර පැවැත්වෙන තරග ගණන 15කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button