බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදී වසර 76ක වාර්තාවක් අලුත් කිරීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වේ.
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව චැටෝග්‍රෑම්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී වසර 76ක වාර්තාවක් අලුත් කිරීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.
මේ තරගයේ පළමු ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකාව ලකුණු 575ක දැවැන්ත ඉනිමක් නිර්මාණය කළ අතර, එහිදී ටෝනි ඩි සෝර්සි (177), ට්‍රිස්ටන් ස්ටබ්ස් (106) සහ වියාන් මුල්ඩර් (නොදැවී 105) ශතක රැස් කිරීමට සමත් වූහ. මේ ශතක ත්‍රිත්වයම එම ක්‍රීඩකයන්ගේ මංගල ශතක වීම විශේෂත්වයකි. මින් පෙර එකම ටෙස්ට් ඉනිමකදී මංගල ශතක 3ක් වාර්තා වී තිබුණේ 1948 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙනි. ඉන්දීය පිලට එරෙහිව දිල්ලියේ පැවති එම තරගයේදී ක්ලයිඩ් වෝල්කොට්, ජෙරී ගෝමස් සහ රොබට් ක්‍රිස්ටියානි මංගල ශතක රැස් කර තිබිණි.
ආසියාවේදී දකුණු අප්‍රිකානුවෝ තිදෙනෙක් හෝ ඊට වැඩියෙන් එක් ඉනිමකදී රැස් කළ වැඩිම ශතක සංඛ්‍යාව ද මෙයයි.
මීට අමතරව සෙනුරන් මුත්තුසාමි නොදැවී ලකුණු 68ක් රැස් කළේ සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලෙසිනි.
මේ තරගය ඊයේ දෙවැනි දිනයට නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය ලකුණු 38කට කඩුලු 4ක් දැවී අසීරු තත්ත්වයක පසු විය.