Cricket NewsEXCLUSIVEInternationalUnder-19Woman Cricket

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සිව්වැනි තැනින් සුපිරි හතරට සුදුසුකම් ලබයි

ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ සිව්වැනි ස්ථානයෙන් සුපිරි 4 වටයට එක්වීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට හැකිවිණි.

මූලික වටයේදී ශ්‍රී ලංකාව තරග කළ ‘බී’ කාණ්ඩයේ ඊයේ පැවති අවසන් තරගයෙන් නේපාලය ලකුණු 120කින් පරාජය කිරීමට බංග්ලාදේශය සමත් වූ අතර, ඒ සමඟ ඔවුන් එම කාණ්ඩයේ පළමු ස්ථානයට පත් විය.

එම ජය සමඟ සුපිරි 4 වටයේ පළමු කණ්ඩායම බවට බංග්ලාදේශය පත් වූ අතර, තරගයක් ජය ගෙන තරගයක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරවීම හේතුවෙන් ඉන්දියාව සහ නේපාලය පිළිවෙළින් සුපිරි 4 වටයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත් විය.

මේ වටයේ තරග හෙට (19) ආරම්භ වන අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට නේපාලයට එරෙහිව තරගවැදීමට නියමිතය. එම වටය යටතේ ශ්‍රී ලංකා පිල අනිද්දා (20) ඉන්දියාවට එරෙහිව තරගවදින අතර, සුපිරි 4 තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇත.

මේ තරගාවලියේ මූලික වටයේදී ඒ ඒ කාණ්ඩවල තෙවැනි ස්ථානවලට පත්වූ පාකිස්තානය සහ මැලේසියාව අද (18) 5 වැනි ස්ථානය සඳහා තරග වැදීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button