Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

චමරි සම්මාන 3 කට නිර්දේශ වෙයි

අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී වඩාත්ම ජනප්‍රිය ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු, 2024 වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව, වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සහ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩිකාව යන සම්මාන තුන සඳහාම නිර්දේශ වී සිටී. මෙම සම්මාන සඳහා නිර්දේශ වීම මගින් ඇයගේ සුවිශේෂී හැකියාව, නොසැලෙන කැපවීම මෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් දැක්වූ අනුපමේය දායකත්වය ආදිය ද පිළිබිඹුවේ.

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන කාන්තා බිග්බෑෂ් තරගාවලිය, නවසීලන්තයේදී පැවැත්වෙන කාන්තා සුපර් ස්මෑෂ් තරගාවලිය සහ දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය ආදියේදී කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු කාන්තා අයි.පී.එල්. තරගාවලියටත් තේරුනු ක්‍රීඩිකාවකි. ගෙවී ගිය 2024 වසරේදී චමරි විසින් දක්වන ලද දස්කම් අතර කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන යාමත් සුවිශේෂී එකකි. බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව ලබාගත් තරගාවලි ජයග්‍රහණයේදීත් ඇය කැපී පෙනෙන දායකත්වයක් දැක්වූවාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button