කාන්තා අළුබඳුන ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට.

ඇනබෙල් සදර්ලන්ඩ් ලබාගත් ශතකයත් අලානා කිංග්ගේ විශිෂ්ට පන්දු යැවීමත් නිසා ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැති කාන්තා ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ඉනිමක සහ ලකුණු 122 ක දැවැන්ත ජයක් අත්කර ගත්හ.
දෙවැනි ඉනිමේදී ලකුණු 270 ක් පසුපසින් සිටිමින් පිතිහරඹය ආරම්භ කළ එංගලන්ත කාන්තාවෝ ලකුණු 148 කට දැවී ගියහ.
ඕස්ට්‍රේලියානු කාන්තාවෝ සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 440 ක් ලබා සිටියහ.
කාන්තා අළුබඳුන තරගාවලිය එක්දින තරග 3 කින්, විස්සයි-20 තරග 3 කින් සහ ටෙස්ට් තරගයකින් සමන්විත විය. තරගාවලියේ සියලුම තරග දිනාගත් ඕස්ට්‍රේලියානු කාන්තාවෝ තරගාවලියේදී ප්‍රසාද ලකුණු 16-0 ක ජයක් ලබාගත්හ. පා දඟ පන්දු යවන්නී අලානා කිංග්, තරගාවලිය පුරාම දවාගත් කඩුලු සංඛ්‍යාව 23 කි.
අද පෙරවරුවේදී සිය ශතකය සම්පූර්ණ කළ බෙත් මූනි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි-20, එක්දින සහ ටෙස්ට් යන ආකෘති තුනේදීම ශතක ලබාගත් පළමු වැනි ඕස්ට්‍රේලියානු කාන්තාව වූවාය.
එංගලන්ත කාන්තාවෝ – පළමු ඉනිම 170 යි
(හෙදර් නයිට් 25, නැතලි ෂීවර්-බ්‍රන්ට් 51, සොෆියා ඩන්ක්ලේ 21, ඩැනී ව්ට්හොජ් 22, රයානා මැක්ඩොනල්ඩ් 15, කිම් ගාර්ත් 13/2, ඩාර්සි බ්‍රවුන් 47/2, අලානා කිංග් 45/4)
ඕස්ට්‍රේලියානු කාන්තාවෝ – පළමු ඉනිම කඩුලු 5 ට 422 යි
(ෆෝබී ලිච්ෆීල්ඩ් 45, ජොර්ජියා වොල් 12, ඇනබල් සදර්ලන්ඩ් 163, ඇලිසා හීිලි 34, බෙත් මූනි 106, ඇෂ්ලී ගාර්ඩ්නර් 44, තයිලා මැග්‍රාත් 12, ලෝරන් බෙල් 94/2, ලොරේන් ෆිලර් 86/2, සොෆී එක්ස්ලෙස්ටන් 143/5)
එංගලන්ත කාන්තාවෝ – දෙවැනි ඉනිම 148 යි
(ටැමී බ්‍යුමන්ට් 47, හෙදර් නයිට් 32, නැතලි ෂීවර් බ්‍රාන්ට් 18, සොෆී එක්ස්ලෙස්ටන් 18, ලොරේන් ෆිලර් 14, ඇෂ්ලී ගාර්ඩ්නර් 39/4, අලානා කිංග් 53/5)