T10 තරඟාවලියේ “ඩෙකෑන් ග්ලැඩියේටර්ස්” කණ්ඩායම ශුරතාව කරා මෙහෙය වූ නියමුවා වනිඳු හසරංග – ප්‍රවීන විස්තර විචාරක ඩැරන් ගංගා

අබුඩාබි T10 තරඟාවලියේ අවසන් මහා තරඟය පසු ගිය දා දිල්ලි බුල්ස් බා ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වුණි. තරඟය ලකුණු 56 කින් ජයගන්නට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.
තරඟාවලිය පුරාවට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිලේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් වෙමින් මෙවර තරඟාවලිය පුරාවට ලකුණු ලකුණු 195 ක් පමණක් වැය කරමින් කඩුලු 21 බිඳ දමන්නට වනිඳු හසරංග සමත් විය.
මෙවර නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලානයේදී මෙන්ම යලිත් වරත් අබුඩාබි නුවර තණතීරු සිය ග්‍රහණයට ගත් වනිඳු හසරංග මෙම තරඟාවලියද වැඩිම කඩුලු ලාභියා ලෙසින් අවසන් කලේය.
එතෙක් මෙතක් T10 ඉතිහාසයේ එක් තරඟවාරයක් තුල බිඳ දැමූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්ථාවද වනිඳුගේ නම ඉදිරියේ ලියැවිණි.
අවසන් මහා තරඟයේදී විස්තර විචාරයේ යෙදී සිටි ප්‍රවීණ විස්තර විචාරකයෙකු වන ඩැරන් ගංගා ප්‍රකාශ කර සිටියේ ” ඩෙකෑන් කණ්ඩායමේ මේ ජයග්‍රහණයේ මෙන්ම ශූරතාවයේද නියමුවා වනිඳු හසරංග යි … ” යනුවෙනි.
තරඟාවලිය පුරාවට පන්දුයවන්නෙකු මෙන්ම පිතිකරුවෙකු ලෙසින්ද ඩෙකෑන් පිල වෙනුවෙන් වනිඳු හසරංග සුපිරි දස්කම් දක්වන්නට සමත් විය.