Cricket NewsEXCLUSIVELPLMatch Review

ප්‍රභල “ගෝල් ග්ලැඩියේටර්ස්” පරාජය කළ “කැන්ඩි වොරියර්ස්” මෙවර LPL පිටියේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගමාලාව මේ වෙනවිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.

මේ අතර මෙවර තරඟාවලියේදී 10වන තරගය ලෙස Galle Gladiators කණ්ඩායම සහ Kandy Warriors අතර පැවැති තරගය ජයග්‍රහණය කරමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය ප්‍රථම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ඇන්ජලෝ පෙරේරා නායකත්වය දරන Kandy Warriors කණ්ඩායම සමත්වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Galle Gladiators කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි Gladiators පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 127ක් රැස් කිරීමට සමත් වුණා.

කලකට පසුව සිය පිත්තට පණදුන් කුසල් මෙන්ඩිස් පන්දු 34ක් තුළ ලකුණු 44 ක් රැස් කිරීමට සමත් වූයේ Gladiators කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

Samit Patel ලකුණු 36ක් රැස්කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර කමිඳු මෙන්ඩිස් කඩුලු 3ක් දවා ගත් අතර Shiraz Ahamed සහ නිමේශ් විමුක්ති කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව ලකුණු 128ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි Kandy Warriors කණ්ඩායම පන්දුවාර 18 කුත් පන්දු 4ක් අවසානයේ කඩුලූ 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

Kandy Warriors වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Ravi Bopara ලකුණු 34ක් රැස් කළ අතර Tom Moores ලකුණු 28 ක් රැස් කළා,චරිත් අසලංක ලකුණු 21යි.

පන්දු යැවීමේදී Samit Patel කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව පන්දුවාර 18 කුත් පන්දු 4ක් අවසානයේ Kandy Warriors කණ්ඩායම ලකුණු 13ක් ලබා තරගය ජයග්‍රහණය කළා.

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ Ravi Bopara හටයි.

මෙම ජයග්‍රහණය Kandy Warriors කණ්ඩායම මෙවර LPL 2021 තරගමාලාවේ වාර්තා කරන ලද ප්‍රථම ජයග්‍රහණයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button