Cricket NewsEXCLUSIVELPLMatch Review

දසුන්ගේ සැළසුම් සුණු විසුණු කරමින් Ravi Boparaගේ ඉවසිලිවන්ත ඉණිම “නුවරට” ජය ගෙනෙයි – අවසන් වටයට පිවිසීමට තියුණු තරඟයක්.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් පවතිනවා.

මෙවර තරඟාවලියේ 18 වන තරඟය ලෙස Dambulla Giants කණ්ඩායම සහ Kandy Warriors කණ්ඩායම් අතර අද පැවති තරඟයෙන් අවසන් වටයට පිවිසීම සඳහා සිය කණ්ඩායමට තීරණාත්මක වූ අද තරඟයේ ජයග්‍රහණය වාර්තා කරමින් තව දුරටත් අවසන් පුර්ව වටයේ බලාපොරොත්තු තහවුරු කර ගැනීමට Kandy Warriors කණ්ඩායම සමත් වුණා.

අද තරගය කාසිය වාසිය ජයග්‍රහණය කළ Dambulla Giants නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Dambulla Giants පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 130ක් රැස්කර ගැනීමට සමත් වුණා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ රමේෂ් මෙන්ඩිස් පන්දු 28කින් වේගවත් ලකුණු 41ක් රැස්කිරීමට සමත්වුණා.

සචිත්ත ජයතිලක ලකුණු 34යි.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බිනර ප්‍රනාන්දු සහ Al Amin Hussain කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව ලකුණු 131 ජයග්‍රහි ඉලක්කයක් හඹා යාමේ අරමුණෙන් පිටියට පිවිසි Kandy Warriors පිතිකරුවන් පන්දුවාර 19 කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

Kandy Warriors ඉනිමේ නැන්ගුරම බවට පත්වෙමින් Ravi Bopara ලකුණු 59ක් රැස් කළ අතර නායක ඇන්ජලෝ පෙරේරා ලකුණු 29 ක් රැස්කළා.

පන්දු යැවීමේදී ඉම්රාන් තාහිර් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ Kandy Warriors කණ්ඩායම සුරැකිව ජයග්‍රහි සීමාව වෙත රැගෙන ගිය Ravi Bopara හටයි.

ඒ අනුව අද තරගයේ ජයග්‍රහණය අතිශයින්ම තීරණාත්මක වූ Kandy Warriors කණ්ඩායමට අද ජයග්‍රහණය හිමි වූ අතර ඒ අනුව Jaffna kings, Galle gladiators සහ Dambulla Giants කණ්ඩායම් සමගින් අවසන් තරග වටයට සුදුසුකම් ලබන කණ්ඩායම හෙට Kandy Warriors සහ Colombo Stars කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් තීරණය වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button