Cricket NewsEXCLUSIVEInternational

සිය ඉහළම T20 හඹා යාම ප්‍රභල කොදෙව්වන්ට එරෙහිව සනිටුවහන් කළ පකිස්තානය, හයේ පහර සැණකෙළියක් වූ තරඟාවලිය ජය ගනී.!

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට අදාළව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ තෙවන තරගයත් ජයග්‍රහණය කරමින් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම අද සමත් වුණා.

අද තරඟය එකම ගිනිකෙලි සැණකෙළියක් බවට පත්වූ අතර 6 පහරවල් පමණක් 19ක් තරගය පුරාවට එල්ල වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය කළ කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි කොදෙව් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 207ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

වේගවත් ඉනිමක් දියත් කළ නායක Nicholas Pooran පන්දු 37ක් තුළ වේගවත් ලකුණු 64ක් රැස්කිරීමට සමත්වුණා.ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 6ක් සහ හතරේ පහරවල් 2ක් ඇතුළත් වුනා.

Shamarh Brooks පන්දු 31ක් තුළ වේගවත් ලකුණු 49 ක් රැස් කළ අතර Brandon king පන්දු 21ක් තුළ වේගවත් ලකුණු 43 ක් රැස් කළා.

පන්දු යැවීමේදී Mohommad Wasim කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 208 ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි පකිස්තාන පිතිකරුවන් පන්දුවාර 18කුත් පන්දු 5ක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වූයේ විස්සයි-20 ක්‍රිකට් පිටියේ පාකිස්තාන කණ්ඩායමක් හඹාගොස් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද අලුත් කරමිනි.

පකිස්තානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් පන්දු 45ක් තුළ වේගවත් ලකුණු 87ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 3ක් සමග හතරේ පහරවල් 10ක් ඇතුළත් වුනා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නායක Babar Azam පන්දු 53ක් තුළ වේගවත් ලකුණු 79ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට 6 පහරවල් 2ක් සහ හතරේ පහරවල් 9ක් ඇතුළත් වුනා.

පාකිස්තානය සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙන ගියා අසීෆ් අලි පන්දු 7කින් අධිවේගී ලකුණු 21ක් රැස් කළ අතර ඔහුගේ ඉණිමට දැවැන්ත 6 පහරවල් 2ක් සහ හතරේ පහරවල් 2ක් ඇතුළත් වුණා.

ඒ අනුව පන්දුවාර 18 කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 208ක් ලබා පාකිස්තානය තරඟය ජයග්‍රහණය කළා.

ඒ අනුව තරඟාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කළ පකිස්ථාන කණ්ඩායමට ශූරතාව හිමි වුණා.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම පකිස්තාන ආරම්භක පිතිකරු මෙන්ම කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් හට හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button