Cricket NewsEXCLUSIVELPL

අවසන් මහා තරඟයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගත් Jaffna Kings, දෙවන වරටත් LPL ශූරතාවයේ පහස විඳ ගනී.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගිය දෙසැම්බර් 5 වැනිදා සිට අද දිනය දක්වා ඉතා උත්කර්ෂවත් ලෙස ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු අතර අද සූරියවැව දී Jaffna kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම් අතර පැවැත්වුණා අවසන් මහා තරඟය ජයග්‍රහණය කරමින් දෙවන වරටත් LPL ශූරයන් බවට පත්වීමට පසුගිය වසරේ ශූරයන් බවට පත්වූ Jaffna කණ්ඩායම සමත්වුණා.

විශේෂත්වය වන්නේ පැවැති LPL තරගමාලාවන් දෙකෙහිදීම ශූරතාවය Jaffna Kings හිමිකර ගැනීමයි.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ජැෆ්නා නායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පහරදීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි Jaffna පිතිකරුවන් කඩුලු 3ක් දැවී ලකුණු 201ක් රැස්කිරීමට සමත්වුණා.

Jaffna වෙනුවෙන් වේගවත් පිතිකරනයක නිරත වූ අවිශ්ක ලකුණු 63 ක් රැස් කළ අතර Tom Kohler ලකුණු 57 ක් රැස්කළා.

පන්දු යැවීමේදී Mohammad amir,නුවන් තුෂාර සහ සමිත් පටෙල් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව ලකුණු 202ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Galle Gladiators පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවි ලබා ගත හැකි වූාය් ලකුණු 178ක් පමණයි.

ඒ අනුව ලකුණු 24ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගනිමින් LPL තරඟ ඉතිහාසයේ ශුරතාවය ජයග්‍රහණය කරන එකම කණ්ඩායම බවට Jaffna Kings පත් වුනා.

මෙම අවසන් මහා තරඟයට පෙර Jaffna Kings සමග පැවති තරඟ තුනම ජයග්‍රහණය කරමින් පැමිණි Galle Gladiators කණ්ඩායමට අවසන් මහා තරඟයේදි ගියවර මෙන්න මෙවරත් අනුශුරතාවයෙන් සැනසීමට සිදු වූවා.

කෙසේ නමුත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ (2020 සහ 2021) ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ එකම කණ්ඩායම වන්නේ ද තිසර පෙරේරා නායකත්වය දරන Jaffna Kings කණ්ඩායම පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button