Cricket NewsEXCLUSIVE

ලොව පුරා සුපිරි පුහුණුකරුවන් රැසක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා සීතල යුද්ධයක.!

ඉකුත් නොවැම්බර් මස පැවැති කොදෙව් සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ මිකී ආතර්ගේ කොන්ත්‍රාත් කාලය නිමා වීමත් සමඟින් එම තනතුර සඳහා අයදුම් පත් කැඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණි.

එම පුරප්පාඩුව සඳහා එංගලන්ත , ඔස්ට්‍රේලියා හා දකුණු අප්‍රිකානු පුහුණුකරුවන් රැසක් මෙන්ම දේශීය පුහුණුකරුවන්ද ඒ සඳහා ඉල්ලුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී ඇශ්ලී ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා.

එම තනතුර සඳහා අයදුම්පත් තිහකට වැඩි සංඛ්‍යාවක් ක්‍රිකට් ආයතනයට යොමුව ඇති අතර ඒ අතරට විදෙස් පුහුණුකරුවන් වන හිටපු දකුණු අප්‍රිකා ක්‍රීඩක ලාන්ස් ක්ලුස්නර්,නවසීලන්ත ක්‍රීඩක ග්‍රාන්ට් බ්‍රැඩ්මන් හා කොදෙව් ක්‍රීඩක කර්ට්නි වොල්ශ් ද සිටින බව විශ්වාසදායක ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

නවතම තොරතුරු වලට අනුව ඒ සඳහා වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වන ශේන් මැක්ඩර්මොඩ්, හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක රවීන්ද්‍ර පුශ්පකුමාර හා මෙවර LPL තරඟාවලියේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ ස්ටුවර්ට් ලෝ ද එම තණතුර සඳහාද අයදුම් කර ඇති බවත් සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button