Cricket NewsEXCLUSIVEWorld Test Championship

මෙතෙක් ප්‍රථම ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව අභිබවමින් ඔස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශුරතාවලියේ පෙරමුණට.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පත්වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා.

ඒ මීට පෙර එම ප්‍රසාද ලකුණු සටහනෙහි ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ස්ථානය දක්වා පහත දමමිනි.

ප්‍රසාද ලකුණු සටහනේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට ප්‍රථම ස්ථානයට පත්වීම සඳහා හැකියාව ලැබුනේ මේ වන විට පැවැත්වෙන තරඟ 5කින් සමන්විත අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග තුනම ජයග්‍රහණය කිරීම හේතුවෙනි.

අද පැවැති අළු බඳුන තරඟාවලියේ තෙවැනි තරඟයේ තෙවන දිනයේ දී ඉනිමකින් සහ ලකුණු 14කින් ජය ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අංක 01ට පැමිණීමට සමත් වුනා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනෙහි 100%ක ලකුණු ප්‍රතිශතයක් සමගින් ප්‍රසාද ලකුණු 36ක් හිමිකරගෙන ඇති අතර මෙතෙක් ඔවුන් හා සම තත්වයේ පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායම 100% ක ලකුණු ප්‍රතිශතයක් සමග ප්‍රසාද ලකුණු 24 ක් ලබා දෙවන ස්ථානයේ පසුවනවා.

එමෙන්ම ප්‍රසාද ලකුණු සටහනේ තෙවනි ස්ථානය හිමි වී ඇත්තේ පකිස්ථාන කණ්ඩායමටයි.ඔවුන් 75% ක ලකුණු ප්‍රතිශතයක් සමග ප්‍රසාද ලකුණු 36ක් ලබාගෙන සිටිනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button