Cricket NewsEXCLUSIVEInternational

ඔස්ට්‍රේලියානු සුපිරි පන්දු යවන්නාගේ දස්කම් හමුවේ එංගලන්තය අන්ත අසරණ වෙයි – තෙවැනි තරඟයේ ජයත් සමග අළු බඳුන කුසලානය ඔස්ට්‍රේලියාවට.!

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් ඓතිහාසික අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරඟයත් අඛන්ඩව ජය ගනිමින් තවත් තරඟ දෙකක් ඉතිරිව තිබියදීම මෙවර අළු බඳුන තරඟාවලිය ජයග්‍රහණය කිරීමට සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුනා.

ඒ තෙවැනි තරඟයෙන් ඉනිමකින් හා ලකුණු 14ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමිනි.

මෙවර තරගාවලියේ පළමු තරග දෙකම ජය ගෙන සිටි ඔස්ට්‍රේලියාව තෙවැනි තරගයට ප්‍රවිෂ්ඨ වුයේ තරග දෙකක් ඉතිරිව තිබියදීම අලුබදුන තරගාවලියේ ශූරතාවය තමන් සතු කර ගැනීමේ අරමුණින් වන අතර එය යථාර්තයක් කර ගැනීමටද ඔවුන් සමත් වුනා.

ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න්හි පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 31ක් ලබා ඉතා අසීරු තත්වයක දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 68ක් පමණයි.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ එංගලන්ත නායක Joe Root ලකුණු 28ක් හා Ben Stokes ලකුණු 11ක් රැස් කළ නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව හෝ පසු කර යාමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ස්කොට් බෝලන්ඩ් ලකුණු 7කට කඩුලු 6ක් දවා ගනිමින් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය වේගවත් කිරීමට සමත් වුනා.

මේ විශිෂ්ට දස්කම හේතුවෙන් තරගයේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

එමෙන්ම පන්දු යැවීමේදී Mitchell Starc කඩුලු 3ක් හා Cameron Green එක් කඩුල්ලක් බිද හෙලුවා.

ඒ අනුව එංගලන්ත පිතිකරුවන් දිගින් දිගටම දැක් වූ අසාර්ථක පිතිහරඹය හමුවේ මෙවර අලුබදුන තරගාවලියේ පළමු තරග තුනම ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 3-0ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය තහවුරු කර ගෙන සිටින අතර අවසන් වරට එංගලන්තය අලුබදුන තරගාවලියක් ජය ගත්තේ 2015 වසරේ දී (3-2) වන අතර, 2017/2018 තරග වාරයේ දී එහි ශූරතාවය ඔස්ට්‍රේලියාවට (4-0) හිමි වුණා.

2019 වසරේ පැවැති අලුබදුන තරගාවලිය තරග 2-2ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගනිමින් අලුබදුන තමන් සන්තකයේම රදවා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වු අතර මෙවර ජයත් සමගින් අඛණ්ඩව වසර 6ක් ශුරතාවය ඔස්ට්‍රේලියාව සතු වුවා.

එංගලන්ත පළමු ඉනිම – 185/10

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – 267/10

එංගලන්ත දෙවැනි ඉනිම – 68/10

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7