Cricket NewsEXCLUSIVEUnder-19

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වැඩි වාසි හිමිකරගෙන සිටි බංගලදේශය සමග තරඟය අතරමග අතහැර දමයි.!

මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන වයස 19 පහළ ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව තරඟ වැදුණු තෙවන තරඟය අද පෙරවරුවේ ප්‍රභල බංගලාදේශ යොවුන් කණ්ඩායම හා ආරම්භ වූවත් තරඟය අතරමැද අතහැර දැමීමට සිදු වුණා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා බංගලදේශ යොවුන් කණ්ඩායමට ආරාධනා කර සිටියා.

තරගය ආරම්භයේ පටන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරඟයේ ග්‍රහණය ශ්‍රී ලංකාව වෙත රඳවා තබා ගැනීමට සමත් වූ අතර බංගලාදේශ පළමු කඩුලු දෙක මුළු ලකුණු සංඛ්‍යාව 26ක් වන විට දවා ගැනීමට ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

Prantik Nawrose Nabil ලකුණු 45 ක් රැස් කළ අතර Aich Mollah ලකුණු 24ක් රැස් කරගැනීමට සමත් වුනා.

Ariful Islam මහ Md Fahim නොදැවී ක්‍රිඩා කරමින් සිටියා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක දුනිත් වෙල්ලාලගේ සහ ත්‍රීවීන් මැතිව් කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

කෙසේ නමුත් බංග්ලාදේශ පිතිකරුවන් කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබා සිටි අවස්ථාවේ විනිසුරුවරයෙකුට කොරෝනා වැළඳී ඇතිබව තහවුරු වීම හේතුවෙන් තරගය අතරමැද අතහැර දැමීමට සිදුවුණා.

ඒ අනුව තරඟය තීරණයක් නොමැතිව අතහැර දැමුණු අතර කණ්ඩායම් දෙක අතරේ එක් ප්‍රසාද ලකුණ බැගින් බෙදී ගියා.

ඒ අනූව තවමත් Group B කාණ්ඩයේ බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම තවමක් අපරාජිතව පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button