Cricket NewsEXCLUSIVE

“මම හිතනවා මේ තමයි ඔයාලට ඕනි පරණ චන්දි කියලා” – තරඟයේ වීරයා සම්මානය අතැතිව දිනේෂ් චන්දිමාල් කතා කරයි.!

සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ තරග සංචාරය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

එම ජයග්‍රහණයේ විශේෂත්වය වන්නේ ඊයේ තරගයට ක්‍රිඩා කල ශ්‍රී ලංකා කණ්ඩායමට දුෂ්මන්ත චමීර, වනිදු හසරංග, භානුක රාජපක්ෂ, අවිශ්ක ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයින් ක්‍රීඩා නොකිරීමත් ඒ වෙනුවට තරුණ ක්‍රීඩකයින් රැසක් කණ්ඩායමට ක්‍රීඩා කිරීමත්ය.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 296 ක් රැස් කිරීමට සමත් වූ අතර එම දැවැන්ත ලකුණු පුවරුව හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 48 කුත් පන්දු 3ක් අවසානයේ කඩුලූ 5 ක් පමණක් දැවී ලකුණු 300 ක් ලබා තරගයේ ජයග්‍රහණය කළා.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිශ්ශංක දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංක විශිෂ්ට ඉනිම් දියත් කළ අතර ඔවුන් පිළිවෙළින් පැතුම් නිශ්ශංක ලකුණු 75ක් දිනේෂ් චන්දිමාල් ලකුණු 75ක් සහ චරිත් අසලංක ලකුණු 71ක් බැගින් රැස් කිරීමට සමත් වුණා.

එහිදී කඩුලු බිඳ වැටී තිබූ අවස්ථාවේ තරුණ නවක ක්‍රීඩකයින් සමග එක්වී ශ්‍රී ලංකා කණ්ඩායමේ නැන්ගුරම බවට පත් වූ දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම විශේෂ ඇගයීමකට ලක් වූ අතර දිනේෂ් චන්දිමාල් හට තරගයේ වීරයා සම්මානය ද හිමි වුණා.

ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එකතු වූ දිනේෂ් චන්දිමාල් එහිදී ප්‍රකාශ කර සිටියේ “පරණ චන්දි” නැවතත් පැමිණ ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දිනේෂ් චන්දිමාල් මෙලෙස පවසා සිටියා.

“අන්තිම වෙනකම් ඉඳලා මැච් එක ඉවර කරගන්න බැරි උන එක ගැන දුක හිතෙනවා. මම ගොඩාක් මහන්සි වෙලා පුහුණුවීම් කරලා ෆිට්නස් හොඳ මට්ටමකට ගෙනත් ඒ පිළිබඳව වැඩි අවධානය යොමු කරලා පරණ චන්දි වෙන්න හැදුවා. මොකද පහුගිය අවුරුදු කිහිපය සාර්ථක නැති නිසා.

මම හිතන්නේ පරණ චන්දි නැවත අවිල්ලා කියලා. ඉදිරි තරග කිහිපයේදීත් හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button