Cricket NewsEXCLUSIVEInternational

විරාට් කෝලි Stump Mic ඔස්සේ තෙවන විනිසුරුට ප්‍රසිද්දියේ බැණ වැදීමේ ආන්දෝලනාත්මක සිදුවීම.!

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ආන්දෝලනාත්මක සිදු වීමක් සිදු වූ අතර එහි දී ඉන්දීය ක්‍රීඩකයන් තරමක් අවෙගශීලි ලෙස හැසිරෙන ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා

ඒ තෙවැනි ටෙස්ට් තරඟයේ දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ 21 වැනි පන්දුවාරයේ දී ආර්. අශ්වින් යොමු කළ පන්දුවක් හමුවේ ඩීන් එල්ගර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගිය පිතිකරුවෙකු ලෙස පිටියේ විනිසුරු නම් කළ ද, එම තීරණයට එරෙහිව එල්ගර් විසින් තෙවන විනිසුරුගෙ සහය පතා සිටියා.

තෙවන විනිසුරු විසින් එහිදී ඩීන් එල්ගර්ව නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙසට නම් කෙරුනා.

කෙසේ වෙතත්, ඊට දැඩි විරෝධයක් ඉන්දියාවෙන් එල්ල වූ අතර, නායක විරාට් කෝලි ඇතුළු ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කඩුල්ලට සවි කර ඇති මයික්‍රොෆෝනය (stump mic) වෙත ළගා වී අදාළ තීරණයට සිය අප්‍රසාදය පල කරමින් දෝෂාරෝපණය කරන ආකාරය ද කැමරා කාචයේ සටහන් වී තිබුනා.

තෙවැනි ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 7ක පරාජයක් ලැබීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී ද නායක විරාට් කෝලිගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටි අතර එහිදී කෝලි මෙලෙස අදහස් දක්වා සිටියා..

“මට කියන්න අදහසක් නැහැ. පිටියේ සිදු වූ දේ මට වැටහුණා, පිටත සිටින මිනිසුන් පිටියේ මොනවා වෙනවද කියලා හරියටම දන්නේ නැහැ.” යනුවෙන් කෝලි කියා සිටියා.

කෙසේ වෙතත්, කෝලි ඇතුළු ඉන්දීය ක්‍රීඩකයින්ගේ හැසිරීම ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගම්භීර්, එංගලන්ත හිටපු ක්‍රිකට් නායක මයිකල් වෝන් ඇතුළු හිටපු ක්‍රීඩකයින්ගේ මෙන්ම තවත් පාර්ශව රැසකගේ දැඩි විවේචනයට ද ලක් වුනා.

මෙම සිදුවීමේ වීඩියෝ පටය පහතින් නරඹන්න,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button