Cricket NewsEXCLUSIVE

ඉන්දියා මහරාජාස් කණ්ඩායම Legends තරඟාවලියෙන් ඉවතට විසි කරමින් World Giants තියුණු ජයක් වාර්තා කරයි.!

අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති Road Safety World Series තරඟාවලායේ තවත් දිගුවක් ලෙස ඕමානයේ අල් අම්රත් කී‍්‍රඩාංගණයේදී මේ වන විට Legends League තරඟාවලිය පැවැත්වෙනවා.

මෙවර තරගාවලියේ තීරණාත්මක තරගයක් ලෙස World Giants කණ්ඩායම සහ India Maharajas කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 5ක තියුණු ජයග්‍රහණයක් හිමිකරගැනීමට World Giants කණ්ඩායම සමත්වුණා.

World Giants කණ්ඩායම ඉදිරියෙ ලැබු මෙම පරාජයත් සමඟ මෙවර Legends League තරගාවලියෙන් ඉවතට විසි වීමටද India Maharajas කණ්ඩායමට සිදුවුණා.

අද තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ India Mahrajas කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා World කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි World පිතිකරුවන් විශිෂ්ට පිතිකරණයක් දියත් කරමින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 228 ක ඉහළ ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

විශිෂ්ට පිතිකරණයක නිරත වූ Herschelle Gibbas පන්දු 46ක් තුළ අධිවේගී ලකුණු 89ක් රැස්කිරීමට සමත්වුණා.

ඊ⁣ට අනගි සහයක් ලබා දුන් Phil Mustad පන්දු 33ක් තුළ වේගවත් ලකුණු 57ක් රැස් කිරීමට සමත්වුණා.

Kevin o brien ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේදී Munaf Patel කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 229ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 223 ක් පමණයි.

India Maharajas වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු Naman Ojhw පන්දු 52ක් තුළ අධිවේගී ලකුණු 95 ක් රැස් කිරීමට සමත් වුණා.

ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ Irfan Pathan පන්දු 21ක් තුළ ලකුණු 56ක් රැස් කිරීමට සමත් වුණා.

අවසන් පන්දුවාරය තුළ India Maharajas කණ්ඩායමට ජයග්‍රහණ සඳහා ලබා ගැනීමට ඉතිරිව තිබුණේ ලකුණු 8ක් පමණක් වන අතර එම පන්දුවාරය World කණ්ඩායම වෙනුවෙන් යොමු කරනු ලැබුවේ Brett lee විසිනුයි.

ඉතා විශිෂ්ට පන්දු වාරයක් දියත් කළ Brett Lee එම පන්දුවාරය තුළ ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නේ ලකුණු දෙකක් පමණයි.

එම අතිවිශිෂ්ට අවසන් පන්දුවාරය World Giants කණ්ඩායමට ජග්‍රහණය රැගෙන ආ අතර විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Morne Morkel සහ Ryan sidebottom කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

Brett Lee සහ Albe mokal එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම පරාජයත් සමග India Maharajas මෙනර Legends League තරඟාවලියෙන් ඉවතට විසි වූ අතර අවසන් මහා තරගය ශ්‍රී ලංකා අතීත සුපිරි ක්‍රිකට් තරු නියෝජනය කරන Asian Lions කණ්ඩායම සහ ප්‍රබල ලෝක කණ්ඩායම වන World Giants කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button